සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් ද? මේ සුදීක සහෘදයා ළඟදී ලියූ ලිපියක්. ලිපියකට ප්‍රතිචාරයක් දක්වන්නට වත් බැරි තරම් ඇති කම්මැලි කම නිසා එයට කිසිවක් එකතු කරන්නට බැරි
වුනා. අන්තිමේ දී දවස් ගානක් කරුණු එහෙ මෙහෙ වෙවී ඉඳලා ඒ ගැන පිළිතුරක් ලියන්නට හිතුනා.
ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය අවසන් ද?
සරල උත්තරයක් එක පාරටම දෙන්න අමාරුයි ඒ ප්‍රශ්නෙට. වෙන දෙයක් නිසා නෙවෙයි. ස්වර්ණමය යුගය කියන එක තීරණය වෙන්නෙ මොන කරුණු කාරණා මතද කියන එක. ඒ කියන්නෙ සිංහල
බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය කියල යමෙක් අදහස් කරන්නෙ
- බ්ලොග් ලියන පිරිස වැඩිවීම
- බ්ලොග් කියවන පිරිස වැඩිවීම
- විවිධ පරාසයන්ගෙන් යුතු පිරිසකගෙන් මෙය සමන්විත වීම
කියන කාරණා කියල උපකල්පනය කලෝතින් , ඔය කියන ස්වර්ණමය යුගය තියෙන්නෙ දැන්. එහෙමත් නැත්තම් ඉස්සරහට ඒක වර්ධනය වේවි. නමුත් මට නම් ඒක සැබෑ ස්වර්ණමය යුගයක් නෙවෙයි.
කොහොම වුනත් සූදීක එයාගෙ ලිපිය ඇතුලෙ කතා කරල තිබුනෙ බ්ලොග් අවකාශයේ ගුණාත්මක භාවය ගැන. ප්‍රශ්නය ඇහුවෙ එය මත පදනම් වෙලා නිසා, ඒකට දෙන්න තියෙන උත්තරෙත් නෑ කියන එක
තමයි. ඒ උත්තරේ සාධාරණීකරනය කරන්න නම් ඉතිහාසයට පොඩ්ඩක් යන්න වෙනවා.
මම සිංහල බ්ලොග් අවකාශයට පිවිසුනේ 2007 අවුරුද්දෙ දි. ඒ වෙදදි සක්‍රීය සිංහල බ්ලොග් රචකයන් හිටියෙ අතේ ඇඟිලි ගණනට. සංඛ්‍යාත්මකව ගත්තොත් ඇත්තටම 10 කට අඩුයි. සිංහල බ්ලොග් සඳහා
වෙනම සින්ඩිකේටර තිබුනෙ නෑ. කොත්තු අඩවිය තමයි කාගෙත් පිහිටට තිබුනෙ. ගොඩක් වෙලාවට මුල දවස් වල ලිපියක් ලියලා කොත්තුවෙ වැටෙනකම් සැරින් සැරේ බලනවා. ඒ දවස් වල යුනිකෝඩ්
භාවිතාව පවා තිබුනෙ ඉතා අවම මට්ටමක නිසා ලිපියක් බැලුවෙත් 10 ක වගේ පිරිසක්. ඒ කාලේ මලින්ත, ආනන්දවර්ධන, නිරංජන් මීගම්මන, ශ්‍රීශානු සහ මට නම් මතක නැති කිහිප දෙනෙක් තමයි ලිපි
ලිව්වෙ. ඇත්තටම ඒ හැමදාම බැලුවෙත් ප්‍රතිචාර දැම්මෙත් එකම පිරිස.
ඊට පස්සෙ මුලින්ම 2008 අප්‍රේල් මාසෙදි අපි සිංහල බ්ලොග් මැරතන් ඉසව්වව පවත්වන්න තීරණය කලේ මේ අවකාශය තව දුරටත් පුළුල් කර ගැනීමේ අරමුණ වෙනුවෙන්. ඒ වෙනකොට සිංහල බ්ළඔග්
සංසදයෙ ගූගල සමූහයෙ සිටි මුලු පිරිස 30 කට අඩුයි. එයිනුත් බ්ලොග් ලිව්වෙ 20 කට අඩු පිරිසක්. මෙතනින් ඇරඹුණ දේ අද වෙද්දි බොහෝ දුරට වර්ධනය වෙලා තියෙනවා. මේ ටික බොහොම
කෙටියෙන් කිව්වෙ මගෙ උත්තරයට අවශ්‍ය පසුබිම සකසා ගන්න.
දැන් තමයි සුදීකට උත්තරය දෙන්න අවශ්‍ය.
සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය අවසන් ද?
නැත.
ඇත්තටම එහෙම එකක් තිබුනේ නැත. ඉස්සරහට එහෙම වෙයිද කියා කියන්න දන්නෙ නැති නමුත් එහෙම මොකක් හෝ තිබුනා යැයි කියල හිතෙනවනම් ඒක ව්‍යාජයක් විතරයි. ඇයි මම එහෙම නෑ කියන්නෙ?
සිංහල බ්ලොග් අවකාශය ආරම්භ වෙලා තිබුනෙ මම ඒ ගැන දැන ගන්න කොට. නමුත් ඒ වෙනකොට ක්‍රියාකාරී වෙලා හිටපු අය සමඟ එකතු වෙලා එය ඉස්සරහට අරගෙන යන්න තල්ලුවක්
දෙනකොට,මගෙ පුද්ගලිකව තිබුනු අරමුණ එක්තරා අතකට දේශපාලනිකයි. මේක පක්ෂ දේශපාලනයක් පැතිරවීමට බ්ලොග් යොදාගන්න හදලා බැරිවුන තැන කියවනවා කියලා වැරදියට වටහා ගන්න
එපා. ඒ කාලයෙ අපි කල්පනා කරමින් හිටපු දෙයක් තමයි මේ සමාජය ඇතුලෙ මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් පවතින සිස්ටම් එකට බද්ධ වෙලා නිහඬව තමුන්ට අවශ්‍ය අවස්ථාවලදි විතරක් කතා කරමින් අනිත්
වෙලාවට මුළු ගැන්විලා කටයුතු කරන එක. මේ වෙලාවෙ මම පුද්ගලිකව දැකපු දෙයක් තමයි, අපිට පුලුවන් නම් මිනිස්සු ගෙ අදහස් , හඬ එළියට ගන්න සමාජය ප්‍රගමනයට යම් කිසි දෙයක් කරන්න
පුළුවන් වේවි කියන අදහස. අපිට නාට්‍ය කරන්න බැරි උනාට , වේදිකාවක් හදන්න උදව් කලොත් පුලුවන් මිනිස්සු ඇවිල්ලා නාට්‍ය හදල පෙනනාවි කියන අදහස තිබුන නිසා. පුද්ගලිකව මම වුනත් ලියපු
දේවල් සාහිතම්‍ය පැත්තෙන් ලොකු අගයක් හෝ බලොග් අවකාශයෙන් කොයි තරම් දුරට එළියට යන්න තරමක දුරට තිබුනාය කියල හිතන්නෙ නෑ. අපි ආසාවට ලිව්වා මිසක් එතන හිටපු ඒ පිළිබඳ
පරිචයක් ඇති ලේඛනය කලාවක් විදිහට ප්‍රගුණ කරපු අත්දැකීම් ඇති ආනන්ද වර්ධන වගේ කෙනෙක් තරම් මට්ටමට තිබුනෙ නෑ.
හැබැයි මට හිතෙන ප්‍රධාන දේ තමයි අපට අවශ්‍ය දිශානතියට මේක තල්ලු කරගෙන යන්න බැරි වුන බව. මුල් කාලෙදි මේක වටා එකතු වෙලා හිටියෙ තාක්ෂණීක පසුබිමක සිටි උදවිය පමණයි. ඒ අය
අතින් ගැණූනු සමහර තීන්දු තීරණ පවා ඒ නිසා මෙහි යහපතට වඩා යම් අවස්ථාවලදී අයහපතට හේතු වුනා. ඒකට හොඳම උදාහරණයක් තමයි සිංහල බ්ලොග් ලිවිය යුත්තෙ යුනිකෝඩ් ඇතිවද නැතිවද
කියන ප්‍රශ්නය. මේකෙදි වැදගත් සිංහල බ්ලොග් කරණය මිසක් යුනිකේත හෝ ෆොන්ට භාවිතය කියන කාරණාව ගොඩක් අයට තේරුම් ගන්නට බැරි වුනා. කොහොම වුනත් පස්සෙ කාලෙක තාක්ෂණීක
බ්ලොග් වලට අමතරව අපි බලාපොරොත්තුවෙන් සිටි විවිධ තරාතිරම් වල , විෂයයන් ඔස්සේ බ්ලොග් කරණය වර්ධනය වෙන්න ගත්තා. එතකොට අපි මුලින් බලාපොරොත්තු වුන සමාජයෙ විවිධ තලයන්
වල අත්දැකීම් අදහස් මෙතනදි බ්ලොග් හරහා එළියට ආවා. එතකොට අර කියන ස්වර්ණමය යුගය අද වෙනකොට වත් උදා වෙලා නැද්දමේ ස්වර්ණමය යුගය කියන කාරණාව නැති වෙලා ගියේ, බ්ලොග් ලෝකයේ සිටි ජනප්‍රිය , හොඳ මට්ටමේ නිර්මාණ කරුවන් ගේ නිහඬ වීම නිසා කියන කාරණාව ඉහත ලිපියෙ හි මතුවෙලා තිබුනා. නමුත්හොඳ ලිපි කිහිපයක් නොලියවුන පමණින් එය නැති වෙලා ගියා නොවෙයි. එය ඊට වඩා එහා ගිය දෙයක්. මේ අවකාශය ඇතුලෙ ස්වර්ණමය යුගයක් බිහි වෙන්න නම් , මම විශ්වාස කරන විදිහට එක අතකට පමණක් සීමා නොවුනු අදහස් හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නෙ ලියන කෙනා වගේම ඒ හරහා සංවාද ගොඩ නැගිය හැකි මට්ටමේ කියවන්නෙක් සහ සක්‍රීය අදහස් දායකයෙක් සිටිය යුතුයි. මෙය මම දකින බ්ලොග් අවකාශය ඇතුලෙ දකින්නට නැහැ. එහෙමනම් අතිශය බැරෑරුම් මට්ටමකින් සහ මහන්සියකින් සංවාද ගොඩ නගන්නට උත්සහ කරන බූන්දිය , මේ අවකාශය ඇතුලෙ බෙහෙවින් සංවාදයට ලක් වෙන්න ඕන. ඒත් මම එක තැනක කිව්වා වගේ මම එක කියමින් ප්‍රතිචාර දක්වන්නට පොර කන තැනක එහෙම දෙයක් ඇති වෙයි කියලා හිතන්නට අමාරුයි.
කොහොම වුනත් මට තේරෙන දේ නම් මේ සිංහල බ්ලොග් අවකාශය කියන්නෙ සාමාන්‍ය සමාජයෙ ප්‍රතිබිම්බයක්. ඒක එහෙම නොවුනොත් තමයි අපි පුදුම වෙන්න අවශ්‍ය. මුල් කාලෙ ඉඳන් මේ දිහා
බලාගෙන ඉඳලා යම් මට්ටමේ මැදිහත් වීම් මතවාදිමය පැත්තෙන් හෝ දක්වන්න අවශ්‍යයයි කියල කාලෙකට ඉස්සර හිතුනත් ඒක හරිම මෝඩ වැඩක් බව හිතුනා ටිකක් කල්පනා කරල බලන කොට.
කාලෙකට ඉස්සර චමිල කියපු විදිහට මේක අමුතුවෙන් හදන්න මහන්සි වෙන්න දෙයක් නෑ නෙ. ලියන උන් ඉන්නවා, කියවන උන් කියවනවා. ප්‍රබුද්ධ ද , පීචං ද කියල හොයන එක තේරුමක් නෑ.
එහෙම බලනකොට සුදීක, “සිංහල බ්ලොග් අවකාශයෙ ස්වර්ණමය යුගය” කියන්නෙ වැඩකට ඇති දෙයක් නෙවෙයි. මට හිතෙන හැටියට අද දවසෙදි. සමහර විට කාලයක් යද්දි ඒක සාකච්චා කල යුතු
මට්ටමකට ඇවිත් තියේවි. කොහොම වුනත් මට හිතෙන්නෙ “සිංහල බ්ලොග් අවකාශය” කාලයත් එක්ක එහිම හැඩය තීරණය කර ගනියි. අපිට තියෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි.
අනතිමට මට මතක් වෙන්නෙ ළඟකදි මාලන් කියපු දේ:
සිංහල බ්ලොග් අවකාශය ප්‍රකෘතියට ඇවිල්ලා තියෙන්නෙ දැන්.
එකඟයි
සටහනට ස්තූතියි. බ්ලොග් ගැන සමාජ අධ්‍යයන පර්යේෂණ කරන්න පටන් ගෙන තියෙන විශ්ව විද්‍යාල සිසුන්ටත් මේ සටහන උපකාරී වේවි.
මාලන්ගේ ප්‍රකාශය නිවැරදි යැයි මටත් හිතෙනවා.
සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගයක් ගැන කතා කරන්න ඉඩක් නාකි මගේ ජීවිත කාලයේ සිද්ධ නොවන්න ඉඩ වැඩියි. ඒත් බලාගෙන විතරක් ඉන්නෙ නැතිව යමක් කරනවා කියල නම් අදිටන් කළා!!!!!
//මේ අවකාශය ඇතුලෙ ස්වර්ණමය යුගයක් බිහි වෙන්න නම් , මම විශ්වාස කරන විදිහට එක අතකට පමණක් සීමා නොවුනු අදහස් හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නෙ ලියන කෙනා වගේම ඒ හරහා සංවාද ගොඩ නැගිය හැකි මට්ටමේ කියවන්නෙක් සහ සක්‍රීය අදහස් දායකයෙක් සිටිය යුතුයි.//
මෙන්න මේ කොටස තමයි ඇත්ත. සමහරු විවේචන ඉදිරිපත් කරන්නේ එයාලගේ සිතුම් පැතුම් අපි ලියන ඒවයෙන් සාධාරණීකරණය නොවෙන නිසා. නමුත් නිවැරදි දේ පෙන්වා දෙමින්, ලියන අපිව නිවැරදි මගට යොමු කර ගන්න කරන ගුණාත්මක විවේචන සහ අදහස් එනවා මදි කියලයි මටත් හිතෙන්නේ. මට ඇති වුන පොඩි අදහසක් තමයි අපිම ලියලා අපිම කියවන තත්වයක් තමයි තියෙන්නේ කියලා. නමුත් මගේ ලිවීමේ පරාසය නිසා මට වෙනම කියවන කොටසක් ඉන්නවා.
ඔබ ඉදිරිපත් වෙලා පිළිතුරු සැපයීම ගැන ස්තුතියි. ඒ වගේම මෙහි ඉතිහාසය ගැන නොදන්නා දේ ගොඩක් දන ගත්තා.
ඔය ඔක්කොම සපේක්ෂයි… හැමෝගෙන්ම ඇහුවොත් කියයි තමන් බ්ලොග් ලෝකෙට ආපු කාලෙ තමා ඒකෙ ස්වර්ණමය යුගය කියලා.. ඒක තමා සාමාන්‍යයෙන් අපිට හිතෙන විදිහ.. මොකද ආපු ගමන් දකින ඔපය තමා අපේ හිතේ රැඳෙන්නෙ.. කාලයත් එක්ක ටිකෙන් ටික යථා ස්වාභාවය අඳුන ගන්නකොට ඔන්න හිතෙන්න ගන්නවා ආ දැන් පිරිහිලා කියලා. වෙන මොන දේකදි වුනත් ඕක ඔහොම්මම තමා.. අර විකෘති, ප්‍රකෘති කතාවටත් ඕක අදාලයි..
සෙන්නා ගේ කතාවට යම් ප්‍රමාණයක් එකඟයි. බ්ලොග් වල දැන් නම් තියෙන්නේ ගොඩක් තේරුමක් නැති සටහන්. ඕපාදුප හොයන්නෝ වැඩියි. සංඛ්‍යාත්මකව කොහොම වුනත් ගුණාත්මකව නම් බ්ලොග් වල දැන් තියෙන්නේ පරිහානියක් කියල මට හිතෙන වෙලාව වැඩියි. ඒත් ඒක එහෙමම කියලා කියන්නත් බෑ. මොකද විවිධ මට්ටමේ රචකයෝ නිසා. ඒත් ඒ දේ දැන් අන්තගාමි වෙලා කියල හිතෙනවා ඇනොනිමස් සයිට් වලට වැටෙන කමෙන්ට්ස් දැක්කම. බ්ලොග් රචකයෝ කියන කුලකයේ ගුණාත්මක කොටස දැන් අඩුවීමක් වෙලා. ඒ අය එක්කෝ ලියන්නේ නෑ නැත්තං බ්ලොග් සටහන් පළාතේ යන්නේ නෑ. එහෙම වෙන්න ඇති හේතුව මොකක් වෙන්න ඇතිද?
අදයි චැනල් එක අහුවුණේ.
මටත් මේක අහුඋනේ අද.
මේ යුගය ස්වර්ණමය යුගය කරගන්න උත්සහ කරමු !
දැන් දැන් බ්ලොග් ලියන , කියවන පිරිස වැඩිවෙන බව පෙනෙනවා. එමෙන්ම බොහෝ ලියවිලි ගුණාත්මක අතිනුත් ප්‍රගතියක් පෙන්වනවා . මේවා සුබහ ලකුණු. ජයවේවා !!!!