එකසිය අනූව

“මගේ සටහන” මේ ලියන්න සූදානම් වෙන්නෙ විසි හයවන දිග හැරීම. ගිය සතියෙ සටහනටත් ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම අපේ මිතුරු දිලින තව මාතෘකාක් වක් ගැන ලියන්න ආරාධනා කලා. ඒ ඉල්ලීම ඉක්මනටම ඉෂ්ඨ කරනවා. මේ සතියෙ මුණ ගැහුනු අපේ විශ්ව විද්‍යාල සඟයො සමහරු ඇහුවා මොකද එයාලා ගැන සහ අනිත් රසවත් සිදුවීම් ගැන ලියන්නනෙ නැත්තෙ කියලා. ලියන්න කතන්දර එමට තිබුනත් විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ බයක් සැකක් නැතිවම ලියන්න  කියල තමයි හිතාගෙන හිටියෙ. නමුත් ලැබෙන අල්ල පනල්ලෙ ටික ටික ලියල දාන්න තීරණය කලා ඉල්ලීම පරිදි.  එහෙමනම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. හැබැයි මේ සතියෙත් ලිවීමේ රටාව ටිකක් වෙනස් කරනවා වෙනදට වඩා. මොකද එකම දේ දිගටම කරන කොට එපා වෙන ගතියක් දැනෙන නිසා. ඒක නිසා ටිකක් කියවලා බලලා ඒ ගැනත් ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.

ශිෂ්‍යත්වය සමත් වී අලුත් පාසලට ගිය විගසම වාගේ මා කොහොමටත් උන්නේ මදක් මුලු ගැන්වී ගිය හැඟීමකිනි. කලින් වතාවක කිවූ පරිද්දෙන්ම පාසලෙ විශාලත්වය හා මුහුණ දීමට සිදුවූ වෙනස්කම් නිසා මා උන්නේ වික්ෂිපත වී යැයි කීම නිවැරදිය. මම අලු ගසා දමා කරළියට ආවෙ අටේ පන්තියේ පමණ දීය. ඒ කාලයේදී ටික ටික පරිසරයට හුරු වීමට මට හැකි විය. කෙසේ වෙතත් පාසලට ඇතුලත් වීමේ දී මගේ සිත් ගත් එක කාරණාවක් වූවේ පාසල සතුව පැවති ක්‍රීඩා පහසුකම්ය. කොහොමටත් බිග් මැච් එක ගැන  මගේ තිබු ආසාව ගැන මම කලින් වතාවල කීවේමි.

සාමාන්‍යයෙන් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ජයටම පැවැත්වෙයි. ඒ සඳහා එක් එක් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් නිවාස අතර තරඟ වෙන වෙනම පැවැත්වෙයි.මගේ ප්‍රියතම ඉසව්ව වූයේ ක්‍රිකට් නිසා අපේ පන්තිවල සිටි ළමයි ක්‍රීඩා කරනු බැලීමට මම ගියේ බොහොම උනන්දුවෙනි. රූපවාහිනියෙන් ලෙදර් බෝල ක්‍රීඩා කරනු මම දැක තිබුනත් ජීවිතයේ හා හා පුරා කියා හැබැහින් ලෙදර් පන්දු ක්‍රීඩා කරනවා දුටුවේ එවිටය.  කොට කලිසම් ඇඳගෙන සියලු ආම්පන්න දමාගෙන පිටියට බසින අපේ සම වයසේ ළමුන් ක්‍රීඩා කරනු දැකීම මා තුල විස්මයක් ඇති කලේය. එක ගොඩනැගිල්ලක් පමණක් තිබු පාසලක පහේ පන්තිය දක්ව උගත් මට ඒවා දැකීම කෙතරම් අරුමයක් වූවේදැයි කුමට කියම්ද?

මටත් ක්‍රිකට් ගැසීමට බොහොම ආසාවක් ඇති වුනත් ආම්පන්න වල මිල අධික නිසාත් , හවස පුහුණුවීම් වලට සහභාගි වී ගෙදර කැටුව යාමට අම්මාට කරදර කිරීමට  අකමැති කමත් නිසා ක්‍රිකට් බැලීමෙන් පමණක් සෑහීමට පත් වුනෙමි. ඒ දිනවලත් අත්‍යවශ්‍යම ශරීර ආරක්ෂක උපාංගයක මිල රුපියල් තුන්සීයක් පමණ විය. ඒ කාලයේ එය සැලකිය යුතු මුදලකි. ඉදින් තරඟ නැරඹීම හැර වෙන විකල්පයක් නොවීය.ඒ දිනවල අප අයත් වයස් කාණ්ඩය වුනු අවුරුදු දහ තුනෙන් පහල වයස් කාණ්ඩයේ තරඟ ආරම්භ වන්නේ උදේ දහයයි තිහට පමණය. ඒ වේලාව අපිට විවේක කාලය ලැබෙන කාලය බැවින් පැය බාගයක් පමණ තරඟ නැරඹීමේ අවස්ථාව අපිට හිමි වෙයි. ඊට අමතරව හවස පාසල නිමාවී ගෙදර යාමට පාසල් වෑන් රථය පැමිණෙන තෙක් ටික වේලාවකට හෝ තරඟය බලන්නට අවස්ථාව ලැබෙයි.

හතේ පන්තියේදි මගේ සඟයකු නිවාසාන්තර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කල බැවින් මම  දැඩි උනන්දුවෙන් යුතුව තරඟය නැරඹීමට ගියෙමි. පන්තියේ දී එතරම් දැඟලිල්ලක් නැති මේ කොලුවා පිටියට පිවිසෙන විට මට පෙනුනේ වීරයෙකු මෙනි. තමන් මුහුණ දුන් මුල්ම පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරිය මගේ වීරයා ඊළඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු බිංදුවකට දැවී ගියේය. ඊට පසුව මම ඔහු වීරයා ගේ තත්වයෙන් සාමාන්‍ය කොලුවෙකු ගේ තත්වයට පහත හෙලා ඉතිරි තරඟ වල ක්‍රීඩා කරන අයුරු බලන්නට යෑමෙන් වැලකුනෙමි. නමුත් පසු කලෙක රාජකීය – සාන්ත තෝමස් නිල් මහ සටනෙදි ලකුණු එකසිය තිස් හතක් රැස්කර අලංකාර ශතකයක් ලබා ගැනීමට මේ මිතුරාට හැකිවිය. මට මතක හැටියට ඒ දෙදහස් හතර අවුරුද්දේ දීය.  අවාසනාවකට මෙන් ඒ තරඟය නැරඹීමට මට යාමට නොහැකි විය.

එදා ඒ ශතකය රැස්කල සඟයා නමින් ධනුෂ්ක එදුස්සූරිය ය. මං දන්නා තරමින් ඔහු පාසලෙන් සමුගත් පසු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත. ඊට පසු අවුරුදු වලත් මගේ පන්ති සඟයෝ නිවාසාන්තර තරඟ වලදී ක්‍රිකට් ක්‍රීඩා කලෝය. සමහරු ශතක , අර්ධ ශතක ලබාගෙන දස්කම් පෑ අතර තවත් සමහරෙක් පිටියේදී දස්කම් දැක්වීමට අසමත්ව අප අතරට පැමිණ පුරසාරම් දෙඩූහ. ඉන් එක මිත්‍රයෙක් හැමදාම කීවේ තමන් දැවී ගියේ වැරදි විනිසුරු තීන්දු නිසා බවය. නමුත් විනිසුරු වරයා නැතිව ක්‍රීඩා කලත් ඔහුට ලකුණු ලබා ගත නොහැකි බව මගේ හිත කිව්වත් , හිතට එන සියලු දේ ඔහේ ඇද බෑම හොඳ නැති නිසා නිහඬව හිටියෙමි. බොහෝ අය විනිසුරු වරයාට චෝදනා කිරීම පහසු මාර්ගයක් කරගෙන තිබුනි. ඊට හේතුව වූයේ විනිසුරු වරයා ලෙස කටයුතු කරන්නේ ද පාසල් සිසුවකු වීමයි. ඉතින් අපිටත් විනිසුරු වරයා වැරදි තීන්දු දුන් බව පිළීගන්නට සිදු විය. නිවාසාන්තර තරඟ ගැන තිබූ අනිත් චෝදනාව නම් ලකුණු සටහන් කරන අය හොර ලකුණු එකතු කරන බවයි. කොහොමටත් තමන්ගේ පිලට ලකුණු කිහිපයක් වැඩිපුර එකතු කිරීම සැහැල්ලු පන්දු ක්‍රීඩා කරන විටත් කරන වැඩකි. එවැනි පොඩි පහේ කට්ටකම් නොකරන කොලු ගැටයන් ඉන්නේ බොහොම කලාතුරකිනි.

පාසල් වියේ අපේ සම වයස් සඟයකු තවත් වතාවත් අන්තර් පාසල් තරඟයක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කලේය. ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව වයස පහළොවෙන් පහල තරඟයකදී ඉමංක හෙට්ටිආරච්චි නම් වූ අපේ මිතුරා ලකුණු එකසිය අනූවක් රැස් කලේය. ඒ ඉනිමට හයේ පහර දහ තුනකුත් , හතරේ පහර විසි දෙකකුත් අන්තර්ගත විය. කොහොමටත් වේගයෙන් පන්දුවට පහර දීමට රුසියකු වූ ඔහු සැහැල්ලු පන්දුවෙන් පවා පොයින්ට් කලාපයට ඉහළින් හයේ පහර එල්ල කිරීමේ සමතෙකි. එවැනි ක්‍රීඩකයන් මා දැක ඇත්තේ ඉතාම කලාතුරකිනි.  පසු කලෙක යගුලිය විසි කිරීමෙන් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් පිහිට වූ ඔහුට බිග් මැච් එක නියෝජනය කිරීමේ වරම නම් අහිමි විය.

පසු කලෙක මගේ මිතුරකු සමඟ එම ඉනිම ගැන සිහිපත් කලෙමි. එවිට මගේ මිත්‍රයා “එදා ඉමංක එකසිය අනූව ගැහුවෙ මං නිසා” යැයි කීවේය. මගේ මිත්‍රයාද කලක් පාසල් කණ්ඩායම නියෝජනය කල නමුත් එම තරඟයට ඔහු ක්‍රීඩා නොකල බැව් හොදාකාරවම දැන සිටි මම උඩ බිම බැලුවෙමි. පසුව මගේ මිත්‍රයා පැහැදිලි කල අයුරු කතාව මෙසේය. පාසල් ක්‍රීඩා පිටියේ එක පසක කෙහෙල් පඳුරු ගාලකි. දැන්නම් එය තිබෙනවාද දන්නේ නැත. කොහොම වුනත් එම ඉනිමේ ඉමංක එල්ල කල දැවැන්ත පහරකින් පන්දුව වැටී ඇත්තේ කෙසෙල් පඳුරු ගොන්නටය. පාසල නිම වී වෑන් රථය එනතුරු මගේ මිත්‍රයා තරඟය නරඹමින් හිඳ ඇත. සියලු දෙනා එකතු වී සොයා බැලුවත් අන්තිමේදි නැතිවූ පන්දුව සොයා ගෙන ඇත්තේ මගේ මිත්‍රයාය. එම නිසා ” එදා මම බෝලෙ හොයල දුන්නෙ නැත්තං ඉමංක ට එකසිය අනූව ගහන්න වෙන්නෙ නෑ” යි මගේ මිත්‍රයා මා හට පැවසුවේ බොහොම උජාරුවෙනි.

ඒ සියලු දෙනා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරතෙරටම ගියේ අටේ පන්තියෙ දි මගේ සඟයකු වූ ගංගනාත් රත්නායක යි. වසර පහක් බිග් මැච් ක්‍රීඩා කිරීමේ දුර්ලභ වරම හිමි කරගත් ඔහු ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කලේය. දෙදහස් හතර අවුරුද්දේ ෆර්වීස් මහරූෆ් නායකත්වය දුන් ශ්‍රී ලංකා පාසල් පිලේ උප නායකයා වුනු ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් හැමදාම තරඟ නැරඹුවා පමණක් මිස ආසාසවට හෝ ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමේ අවස්තාවක් නම් මට ලැබුනේම නැත. පසු කාලයේදී ඒ ආසාව උපන් ගෙයිම මිය යන්නට මම ඉඩ හැරියෙමි. සැබවින්ම කියතොත් මම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයකුද නොවූයෙමි. කාටවත් නොතේරෙන අයුරින් දස්කම් නොදක්වන ක්‍රීඩකයින් කණ්ඩායමේ තබා ගන්නා ශ්‍රී ලංකා තේරීම් කමිටුව අපේ පාසල් කණ්ඩායම තෝරන්නට පත් කර තිබුනානම් මා අවම වශයෙන් නිවාස කණ්ඩායමට හෝ තෝරා ගැනීමට තිබුනි. නමුත් අපේ පාසලේ වාසනාවකට මෙන් එවැනි අකරතැබ්බ සිදු නොවී මම තරඟ නරඹන්නකු බවට පමණක් වීමේන් සතුටු වුනෙමි.

එහෙමනම් ඉතින් මෙවර “මගේ සටහන” නිමා කරනවා සුපුරුදු සීමාවට පැමිණි නිසා. පරිහණකයේ ප්‍රශ්නය විසඳුන නිසා ඉරිදා උදේ වරුවෙම ලියල ඉවර කරන්න ඉඩ ලැබුනා. එහෙමනම් ලබන සතියේ නැවත හමුවන අදහසින් සමුගන්න අතරෙදි මේ දිනවල සිදුවන සමාජ ඛේදවාචකයන් නිසා නිතර සිහියට නැගෙන කියමනක් සටහන් තබනවා.

“යුගයේ මිනිස් හෘදය සාක්ෂිය යනු ලේ වැකුනු පා පන්දුවකි, අප කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”
රෝහිත භාෂණ අබේවර්ධන
හිරු කණ්ඩායම

Advertisements

40 thoughts on “එකසිය අනූව

  1. පරණ විදියටම ලියන්න. එක පාරටම වෙනසක් නොදැනුනත් දිගට කියවාගෙන යනකොට වෙහෙසකර බවක් දැනුනා.

  2. හැමෝම කියනව වගේ පරණ විදියට ලිව්වානම් හොඳයි කියලා මටත් හිතෙනවා. කොහොම වුනත් හැමදාම වගේ ලස්සනට ලියලා තියනවා.

  3. This is a response to the question you have asked me elsewhere. My posts are blocked in that site because he cannot take my challenges. So I have no option other than posting here.

    Contrary to what you think Sinhala is not a developed language to fit the needs of contemporary world. No language can be static. All languages should expand everyday adding new words/terms/expressions. This happens in Sinhala, I agree, but extremely slowly. (Our so called Sinhala pundits should take the responsibility of not developing the language)

    Let me ask few simple questions.

    Take the word ‘Information’. Is there a proper Sinhala word for ‘Information’? – thoraturu or pravurthi are incomplete. Thorathuru is not information.

    In English the terms ‘state’ and ‘government’ have clear distinct meanings. In Sinhala there is no difference between the words ‘rajaya’ and ‘anduva’.

    Take the word ‘globalisation’. Is there is Sinhala equivalent? No. Goleeyakaranaya is not ‘globalisation’. Goleeyakaranaya means making globes (as in preparing aggala)

    I can give thousands of examples. You call Computer a ‘pariganakaya’ Is there a sinhle word in Sinhala for ‘computerisation’?

    Is there a single word in Sinhala for blogging? Try to say ‘I blog’ in Sinhala and see how long the sentence will be.

    So there is little purpose in trying to make myself clear in a non developed language. The current loaded words in Sinhala is a key limitation in expressing ideas. (In fact, one reason why Sinhala never developed was there were little intellectual developments in our society)

    So I have no alternative than writing in English.

    To me, language is only a language. One can be ‘better’ than another language, but not ‘more respectable’. All are creations of human beings. No need to worship languages. They are only tools.

    The reason why you think somebody is insulting Sinhala when its weaknesses are pointed out is your own inferior complex. A more logical approach will be identify such weaknesses and address them. Limitations of so called ‘Sinhalese Buddhist’ thinking today should not prevent the development of Sinhala language.

  4. @ මලින්ත , kasun, සුපුන් සුදාරක,Dilshi:- හොදයි . වෙනසකට එක්ක මෙහෙම ලිව්වෙ. ඉස්සරහට තව වෙනස් කරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට. ප්‍රතිචාරය ගැන තුති.

    @ ඔහේ :- මමත් මේ රටාවට හරි කැමතියි. බන්දුල නානායක්කාර වසම් මහත්තයා “එනු කොහි සිට ” නමින් මේ රසවත් ලිපි පෙලක් ලිව්වා මේ රටාවෙන්.

  5. Mokada me aluth widihak… 🙂 Kohoma unath rasaye nam aduwak ne. Eth api purudu wela hitiye oyage parana widihatane wediyen… kohoma unath parana sailiye hewaneli meketh nethuwama nemei 🙂 .. wenasak karana eka hodai… hebei parana shailiyenuth maruwen maruwata liyanna….

  6. @ අරවින්ද :- ඔබේ ප්‍රතිචාරයට පිළිතුර ඔහේ ගේ සටහන තුල දක්වමි

    @ පුබුදු :- රසවත් භාවය ගැන නම් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනා. සැලකිල්ලෙන් යුතුව සටහනට ප්‍රතිචාර දැක්වීම ගැන තුති.

  7. ඇතැම් නවකතාවල එන හා වියරණ දත් ඇදුරන් ගේ ශෛලයක් නිරූපණය කරන්නට උත්සහයක් දරා තියනවා. නමුත් ඒ තුළින් පෙර තිබූ රසවත් භාෂා ව්‍යවහාරය මදකට බැහැර වී ඇති බවයි මගේ හැඟීම. පෙර තිබූ සරල හා සුමට භාෂාව ජීවන සංසිද්ධි නිරූපණයේ වඩා උචිත හා හදවතට දැනෙන ව්‍යවහාරය යන්න මගේ ‍හැඟීමයි. නිර්මාණයේ අන්තර්ගතයනම් අපූරුයි.

  8. @ මාලිංග :- ඇත්තටම ඒරටාවට මම හරි ආසයි. කොහොම වුනත් ඉදිරියට පුරුදු රටාවෙන් ලියන්නට බලාපරොත්තු වෙනවා. ප්‍රතිචාරය ගැන තුති.

  9. My posts are blocked in that site because he cannot take my challenges. So I have no option other than posting here.
    අරවින්ද, ඔබගේ මෙම ප්‍රතිචාරයම බොළඳ බවේ කෙලවරක් නැති ඔබගේ මනෝ ලෝකයේ මායිම් සලකුණු කරන බව ඔබම දනී. එම නිසා ඒ ගැන වැඩි කතා නොමට ය.
    computerisation යන්නට සිංහලෙන් පරිගණකගතකරණය යන්න භාවිතා වේ. ඔබගේ මෝඩ කම සිංහල භාෂාවේ හීනත්වය ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නේ නම්, ඉන් දිස්වන්නේ ඔබගේ “නිවට නියාළු” නපුංසකත්වය වේ.
    language is only a language >> එසේ නම්, ඔබගේ සංස්කෘතිය තුල ගොඩනැගුණු සංකල්පයන් ඔබට වියුක්ත විය යුතුය. බණ්ඩි ගොයම යන්නට ඉංගිරිසියේ අරුත් නැත. එය අපගේ ජීවන වෘත්තිය හා සබැඳිව වහරට එක්වූ එක් සංකල්පයක් පමණි.

  10. @ අරවින්ද :- ඔබේ ප්රතිචාරයට පිළිතුර ඔහේ ගේ සටහන තුල දක්වමි

    Can you show me where?

    If you want to continue the discussion, please do it in a place where I am free to contribute. I have no intention of contributing to a discussion where my comments are deleted on ad hoc basis.

    Thanks.

  11. This is to the man who calls himself ‘Ohe’?

    1. Do you deny that you have deleted at least 5 comments on mine? (Which are written in civilised manner)

    2. Do you deny that you prevent me from responding even when you use your site to personally attack me – using my name? (Right to Reply is a standard ethic in any media)

    3. Why are you so sacred of others challenging your ideas? Is it because of the narrowness in your thinking?

    4. Why you resolve to personal attacks like ඔබගේ මෝඩ කම සිංහල භාෂාවේ හීනත්වය ප්රකාශ කිරීමට උපයෝගී කරගන්නේ නම්, ඉන් දිස්වන්නේ ඔබගේ “නිවට නියාළු” නපුංසකත්වය වේ. to defend a decent response? That is because you have run out of ideas?

    5. Why you always relate your thinking to sexuality? Can’t you talk anything without using sexually loaded language and without insulting others?

    6. Why you go on lying that you have not deleted my comments?

  12. Computerrisation is to control, perform, process, or store (a system, operation, or information) by means of or in an electronic computer or computers.

    පරිගණකගතකරණය does not cover all these meanings. Useless word in any serious technical writing.

    Any other takers?

  13. @නිදහස් අදහස්,

    To your question elsewhere why I do not try to expand Sinhala language.

    Several reasons.

    1. I do not have time
    2. There are people paid for that task. So why I bother?
    3. If English = Benz (Chakravarti model) then Sinhala = a bullock cart; why should I bother repaing my bullock cart when I have a Benz?

    .

  14. ගඟෙන් දිය බී, මුහුදට ආවඩමු ද?

    I hope the one who wrote this only travels by bullock carts, not by motor vehicles (because they came from west), take only Ayurvedic medicine, not western medicine, wear amudes – not trousers (because trousers came from west) and not depend on the ‘Knowledge imported from west’ for his living.

    The most unfortunate thing about the so called ‘Sinhalese Buddhist society’ is not just that it is intellectually shallow, but the idiots who worship such shallow set of values not even understand that shallowness.

  15. @ අරවින්ද- සිංහල බස භාවිත කිරීම තුලින් එහි දියුණුවට මග සැලසේය යන්න මගේ මතයයි. මන්ද බස පාවිච්චි කිරීම පණ්ඩිතයන්ට පමණක් අදාල කාර්යයක් නොවන බව මගේ වැටහීම නිසයි. එම නිසා අපි සිංහලය භාවිතා කල යුතුයි හැකි සෑම තැනදීම . අනෙක බ්ලොග් අවකාශය තුල සිහලෙන් ලිවීමේ අරමුණද එයයි.

  16. @ අරවින්ද- සිංහල බස භාවිත කිරීම තුලින් එහි දියුණුවට මග සැලසේය යන්න මගේ මතයයි.

    True, more a language is used more it will develop. However I am not working for official languages department. I have better objectives than developing languages.

    I use languages only to learn and express my thoughts. Why do I bother developing a primitive language when there is a readymade advanced language available for me?

    If you want to develop Sinhala or any other language, I have no objections. But sorry, I do not have time.

  17. @නිදහස් අදහස්,

    A question for you.

    You said you played hockey at school and loved cricket. Both are games ‘imported’ from west.

    If you are so interested in ‘developing our own things’ shouldn’t you have played ‘chak gudu’ instead?

  18. මිනිස්සු උනාම ඉදලා හිටලා වෙනස් වෙන්නත් එපැයි. හැබැයි ඒ ‌වෙනසින් ඔයාගේ සටහනට පාඩුයක් වෙලා නෑ කියලයි හිතෙන්නේ. වෙනසත් එක්ක ඔයාගේ සටහන හොදටම හොදයි.
    හැබැයි ඔයාගේ පුරුදු විදිහ කෙනෙක්ව ග්‍රහණය කරගන්න පුළුවං සංවේදි ‌ෛශලයක්. ඒක නැති කරගන්න එපා. 🙂

  19. (because trousers came from west)
    අහෝ විපතක මහත! කලිසම් ලොවට හඳුන්වා දුන්නේ චීන්නුන්. කරුණාකර තොපගේ කුලියට ගත්, අනුන්ගේ පොත් කියවා, තමන්ට ම නොවූ නිවට කම යාවත්කලීන කරගනු.
    එසේ නැතිව, විගඩමක් වීමෙන්, තොපට අනුකම්පා කොට පිළිතුරු නොදෙන (මෙයට ඉහත සිදු වූවාක් මෙන්) වාතාවරණයකට ඉඩකඩ නොසලසාගනු.
    ආයුබෝ වේවා!

  20. එමෙන්ම ඔබ වැනි නිවටයින්ට සුද්දන් පුකෙන් හිනා වෙන දිනය වැඩි ඈතක නොවන බව ද, සිහි තබා ගන්න.
    (වරුණ, සමාවෙන්න. මෙවැන්නන්ට, මෙයට වඩා යහපත් ආකාරයෙන් පිළිතුරු දීමට මා හට නොහැකිය)

  21. /Why do I bother developing a primitive language when there is a readymade advanced language available for me?/
    ඔබ කියන්නාක් මෙන් මෙවැනි භාෂා දියුණු නම්, එවැනි දියුණුවකට මග හෙළි පෙහෙළියේ ඔබ වැනි නිවටයන් නොව, එම බසට හිතැත්තන් ය. එසේ නම්, ඔබ????? අප බසට ගරහා, හිඟා යදින්නේ කාගේ අනුකම්පාව ද?
    මෙහි අරුත ඔබට තේරුම් ගැනීමේ භාග්‍යාය ලැබේවා!

  22. Good. A ‘konde bendapu cheena’ has got angry because I attributed the trousers to West. Can only sympathise with these fools. I hope Cricket and Hockey too had been introduced by Chinese.

    එමෙන්ම ඔබ වැනි නිවටයින්ට සුද්දන් පුකෙන් හිනා වෙන දිනය වැඩි ඈතක නොවන බව ද, සිහි තබා ගන්න.

    Now he shows the real ‘Sinhala Bauddha hediyava’

  23. @නිදහස් අදහස්,

    I think you treat your blog respectfully. As a reader I too respect your decency.

    So far I have acted in the most civilised manner I could by presenting only the points, avoiding name calling and engaging in a meaningful debate using decent language. That is how I treat to normal human beings.

    However if certain uncivilised elements (not surprised, these people come from a primitive culture) behave irrationally, I too have to respond to them in a language they understand.

  24. @ අරවින්ද – සිංහලය හෝ දේශීය දේ නගා සිටුවීම ගැන මම කතා කරනව කියන එකේ අදහස බටහිරින් හෝ බාහිරින් එන දැනුම , සිරිත් විරිත් ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. බටහිර වෙනම දැනුම් පද්ධතියක් තිබෙනවා. අප දේශීය කරණය ගැන උනනන්දු වන්නේ ගල් යුගයට යාමට නොවෙයි. වර්තමාන පද්ධතිය තුල අප සතුව ඇති දෙයත් ඉදිරියට ගෙන යාමටයි.

    @ ඔහේ , අරවින්ද – භාෂාව භාවිතයේදි වචන වලට බය නොවෙන එක වෙනමම කාරණාවක්. නමුත් බ්ලොග් අවකාශය ඇතුලෙ අපි සංවාද ගොඩ නගන්නෙ අනාගත සමාජය වෙනුවෙන් කරන ප්‍රගතිශීලි කාරණයක් ලෙසයි මම දකින්නෙ. ඒක නිසා තරහ නොවී ඒ ගැන මදක් අවධානය යොමු කරන්න.

  25. @නිදහස් අදහස්

    සිංහලය හෝ දේශීය දේ නගා සිටුවීම ගැන මම කතා කරනව කියන එකේ අදහස බටහිරින් හෝ බාහිරින් එන දැනුම , සිරිත් විරිත් ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. බටහිර වෙනම දැනුම් පද්ධතියක් තිබෙනවා. අප දේශීය කරණය ගැන උනනන්දු වන්නේ ගල් යුගයට යාමට නොවෙයි. වර්තමාන පද්ධතිය තුල අප සතුව ඇති දෙයත් ඉදිරියට ගෙන යාමටයි.

    This is a ‘mantra’ that I have been hearing for the last 20 years or so but I have not seen ANY significant development. As for me these are only shallow words.

    Can you give me some real examples, how we can take forward what we have in a practically useful manner.

  26. @නිදහස් අදහස්,

    Ok, for your convenience I will add few things that we can take to the world based on what we have.

    1. A new model of air craft based on Ravana’s Dandu Monare (Some idiot called Suriya Gunasekera suggested sometime back Ravana use Mercury as fuel to his air craft. This man does not even know what a fuel is)

    2. A new G-string based on our own Amude.

    3. A new brand of alcohol based on our ‘Kasippu’

    What else?

    @නිදහස් අදහස්,

    Developing ANY culture is good, I am not against it. But before that we should now where we stand. A primitive and non-advanced culture here can never compete with the developed cultures in the world. The only option left for us get westernised in the same manner Japanese did during the Meiji transformation. http://en.wikipedia.org/wiki/Meiji_Restoration

  27. වරුණ, මා ඔබගෙන් සමාව අයැදුවේ එනිසාම ය. ඔබගේ දැක්ම මා හට නොතෙරුනා නොව, ඉන් ඔබ්බට යෑමේ අවකාශයක් සාදා ගත්තා පමණි.

    අරවින්දට,
    නිවටය, තොප කියනාකාරයේ දියුණු භාෂා විවරණ ලොවට දායෑදුවෝ ඊට හිතැත්තන් මිස අන් කිසිවකු නොවේ. තොප වැනි නිවටයින් සැමදා අන් දැනුම කුලියට ගත් ගිරා පෝතකයින් ලෙස නන් දොඩනවා මිස (ඉන් ද යහපතක් සිදුවේ) කල හරියක් නොමැත.
    ප්‍රංශයේ දී, පමණ ඉක්මවා ඉංගිරිසිය දෙසන්නන් අත් අඩංගුවට ගැනීමේ නීතියක් ඇත. තොප වැනි නිවට නපුංසකයෙකු, හෙට දින ප්‍රංශ බස ලොව දියණු බස යැයි කියා තර්කයට එක් වුව හොත් මා තොපට පිළිතුරු දීමට එබස ඉගෙනිය යුතු.

    නිවටය,
    තොපගේ බාහු සවිමත් නොවේ නම්, සටනකට, එයට පිළියම් යොදනු වින, පිටස්තරයින්ගේ වැරබළය අපට දෙසාබෑමේ ඵල කිම?.
    තොපගේ පිට කොන්ද කෙළින් තබා ගෙන නිවට නොවී දෙසට බසට යෙහෙක් කරව!

  28. නැවත විකාශණය,
    නිවටයින්ගේ යහපත තකා නැවත විකාශණය කෙරෙන වගයි.

    /Why do I bother developing a primitive language when there is a readymade advanced language available for me?/
    ඔබ කියන්නාක් මෙන් මෙවැනි භාෂා දියුණු නම්, එවැනි දියුණුවකට මග හෙළි පෙහෙළියේ ඔබ වැනි නිවටයන් නොව, එම බසට හිතැත්තන් ය. එසේ නම්, ඔබ????? අප බසට ගරහා, හිඟා යදින්නේ කාගේ අනුකම්පාව ද?
    මෙහි අරුත ඔබට තේරුම් ගැනීමේ භාග්‍යාය ලැබේවා!

  29. @නිදහස් අදහස්,

    I do not think I have to respond to a ‘mottaya’ who have never responded to my points (I know he cannot) and have not done anything other than name caling. This is all these Nali De Silva lackeys can do. Their minds are so shallow, nohing useful come ever out of that. So I will leve this ‘kalakanniya’ alone.

  30. @ අරවින්ද – ඕනෑම සංස්කෘතියක් තුල ඊට අනන්‍යය වූ ගති ලක්ෂණ ඇත. ලංකාවේ නැටුම් කලාව. දේශීය වෙදකම ආදි ඉදිරියට ගෙම යා යුතු බොහෝ දේ මෙන්න ප්‍රතික්ශේප කල යුතු දේ ද ඇත. නමුත් 100% එය ප්‍රතික්ෂේප කිරීම යුතු නොවන බව මගේ හැඟීමයි. මන්ද යත් අපට අනවශ්‍යය දෑ ඉවත් කොට වඩාත් යහපත් හෙටක් උදෙසා අද දවසේ දී සංවාද ගොඩ නැගීමයි. නමුත් විටෙක ඔබ මැදහත් සිතින් සංවාද ගොඩ නගනවාද යන්න මට සැක සහිතය.

    ස්තූතියි.

  31. අරවින්ද හෙවත් සෑම්,
    නිවටයා යනු ඔබගේ පෞරුෂත්වයේ අනන්‍යාතාවය වේ. එය නම් පටබැඳීමක් නොවේ. මොට්ටයා සහ කාලකන්ණියා යනු නම් පටබැඳීමකි. ඔබගේ විලාසය මට ආරෝපණය කිරීමට ඔබ නටනා මෙම නාඩගම කුමක්ද?

  32. @නිදහස් අදහස්,

    You are evading my question. You did not give the examples I ask.

    Let me repeat my question.

    Can you give me some real examples, how we can take forward what we have in a practically useful manner?

    You give very vague examples like dancing and indigenous medicine.

    Every country has their own dancing traditions. So it is not something unique. What’s so special in our dancing that you say it is superior to the dancing strategies of others?

    Indigenous medicine, to say the least is nothing but charlatan. Do you say our so called indigenous medicine is superior to western medicine? Ha Ha Ha Big joke. Why should we take this primitive things forward. If I become the president one of the first things I would do is to close down Ayurveda and chase off the charlatans.

    I am waiting for some real example. Please do not evade the question. If you cannot answer say so.

    (Finally I am sorry to say the name ‘Nidahas Adahas’ does not suit you. You have a very closed mind, if I see correctly. You close you mind to anything you cannot fathom. This is typical of Nalin de Silva’s golayaas but I thought you were not one of them. I might be mistaken.)

  33. @ අරවින්ද – ඔබ http://www.jathikachinthana.blogspot.com ආකාරයේ මතවාද අතිශය අන්තවාදී බව මගේ හැඟිමයි. පවතින ප්‍රවාහය තුල අප ජීවත් වන වටා පිටාවේ ප්‍රගමනය උදෙසා මතවාද මෙහෙය විය යුතුයි කියා මම හිතන්නෙ.

  34. වරුණ,
    ජාතිකචින්තන යන අඩවිය හුදෙක් ජාතික අනන්‍යතාවයක් ඇතිකිරීමට දරණ ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සඳහා අටවන ලද විගඩම් උගුලකි. වැඩි වටිනාකමක් දීම අකටයුතු වේ. ජාතික චින්තනයකට විරුද්ධව නැගී සිටින ඩොලර් කාක්කන් ගේ නිවට කම ම එයින් පිළිබිඹු වේ.

  35. @ ඔහේ – ඔබ කියන කතාව හරි. එවැනි මානසික රෝගි අඩවි වලට පිළිතුරු සැපයීම අපේ කාලය කා දැමීමක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )