අවසාන සටහන

“මගේ සටහන” සුපුරුදු පරිදි මෙවර පල වෙන්නෙ නැහැ. ප්‍රමාද වී හෝ පල කරන බවට ගිය සතියෙ කිව්වත් අන්තිමේදි මුකුත් නොකර ඉන්න තීරණය කලා. මේ ටික ලියන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ “මගේ සටහන” හි ඉදිරිය ගැන දැනුම් දීමට අවශ්‍යය වුන නිසා. බොහෝ විට මේ ලියවෙන්නෙ “මගේ සටහන” අවසාන ලිපිය වන්නට ඉඩ තියෙනවා.

මේ ලියන්න පටන් ගත්තෙ සිකුරාදා රාත්‍රියෙ.  වෙනදට “මගේ සටහන” ලියන්නනෙ බොහොම උද්යෝගයකින් වුනත් මෙවර එය දැනුනෙම නෑ . මොකද්දෝ විස්තර කරන්න බැරි ශුන්‍ය භාවයක් මාව වෙලාගෙන තියෙනව කියල දැනෙන්න පටන් ගත්තා. දැන් ටික දවසක ඉඳල ඒක හිතට වද දුන්නා. “මගේ සටහන” ලියන එකත් වැඩකට නැති දෙයක් කියන එක මගේ සංවේදනයට පාත්‍ර වුනා.

ශුන්‍ය භාවය , හිස්කම එක්ක ජීවිතෙ අත් වැල් බැඳ ගෙන. ලෙර්මන්තොව් ගෙ “අපේ කාලයේ වීරයෙක්” මතක් වුනා. ඔහු කියපු තමන්ගෙ ජීවිතේ අරමුණ හොයා ගන්න බැරිව එය සොයමින් ඇවිදපු රුසියානු තරුණයා මට ආදේශ වෙලා කියල මට හිතුනා. “වොලී බිසෙල්” නම් ඇමරිකානු බැලේ තරුව ඇතුලෙ හිටපු ඛේදවාචකයක් වුන මිනිස් ආත්මය අන්තිමේදි මට අබිමුඛ වෙලා කියල දැනෙමින් පවතිනව. මම ශුන්‍යත්වයට ආදරය කරන්න පටන් අරගෙන.

සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගෙ ලිපි ආයෙ කියෙව්ව. හැම තැනම මුල ඉඳල උත්තර හොයන්න පටන් ගත්තා. සුනිල් මහත්මයා ඉන්නෙ කලකිරිලද කියන ප්‍රශ්නෙ ඇති වුනා.  සුනිල් දිවි නසාගැනීම ගැන ලියල තිබුන. පරාජිත භාවය කියන්නෙ මොකද්ද කියන එක මට හොයන්න අවශ්‍යය වුනා.

ජීවිතය මොකද්දෝ කෙලවරක නැවතිලා තියෙනව කියල දැනෙනව. හිතට එන දේ පවා ඔහේ ලියල දැම්මෙ ඒක නිසයි. ළඟදි මගේ මිත්‍රයෙක් හා කතා කරපු වෙලාවෙ ඔහු ඇහුව “කලකිරීමෙන්ද ඉන්නෙ?” කියල. ඒකට උත්තරය මං හරියටම දන්නෙ නෑ. ලංකාවෙ තරුණ පරම්පරාව මුහුණ දෙන සමාජ විපර්යාස වලින් මමත් හෙම්බත්ව ඉන්නවද කියල මං මගෙන්ම ඇහුවා. පිළිතුර මං තවම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මට මෙන්න මේ ටික හම්බ වුනා.

“ශාරි පුත්‍රයෙනි, සැබවින්ම, සකල විධ වූ ධර්මතාවයක්ම ශුන්‍යතාවය ස්වභාව කොට පවතින්නේය. එය අලුතින් නිපද විය නොහැක්කේය. විනාශකල නොහැක්කේය . ශුන්‍යත්වය ජීවිතයේ සෞන්දර්යයි. ආනන්ද ජනක වූ පැවැත්මයි………… ආදී වශයෙනි.”

සංසාරණ්‍ය අසබඩ, සයිමන් නවගත්තේගම. 316 පිටුව

“මගේ සටහන” මෙතෙක් කල් කියවපු ප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම ස්තූතිය පල කරනවා. මට තවම මාව මුණ ගැහුණෙ නෑ. ඒක නිසා මේ අවසාන “මගේ සටහන” වේවි. අවසානය ඉක්මනින් ළඟා වෙතැයි සිතුවෙ නැති වුනත් එය මං අසල කියල මට හිතුන නිසා “මගේ සටහන” ට නැවතීමේ තිත තබන්නට අවසරයි.

Advertisements

10 thoughts on “අවසාන සටහන

  1. හැම කෙනෙකුන්ගෙන්ම පැනල ගිහින් තමන් හොයාගන්න පුලුවන් නම් අපි හැමෝම මේ වෙනකොට හුදෙකලා වෙලා අපිව හොයනවානෙ. මතක ඇතිනේ..ඕෂෝත් කිවුවා..සිද්ධාර්ථයන් ජීවිතේ හැම සැපම වින්දට පස්සෙයි හිස්තැන දැක්කෙ කියලා…ඉතින් මේ විඳීම්වලින් කළකිරුණ කියලා හුදෙකලා වුණහම අපිට අපිව හම්බ වෙයිද කියල සැකයි. ඒ හින්දා මෙන්න මෙහෙට වෙලා හැමෝ එක්කම ඉන්න ගමන් තමන්ව හොයා ගන්න එක වටිනවා නේද ? මොකද කවුරුත් සාපේක්ෂ නිසා…

    🙂

  2. Some times I also feel same as u said. But honestly we can’t live with truth always. This is life. So I think u’ll come back again…. coz we need something to live life….

    “Ikmanin giya taramata ikmanin enna puluwan…”
    (Malaunge Aurududa)

  3. මමනම් ඔබේ තීරණය වෙනස් කරන්න කියන්නේ නෑ. ඒත් එකක අවසානය තවත් දෙයක ආම්භයක් කරගන්නවා නම් හොඳයි. මගේ සටහන තුලින් නොවුනත් වෙනත් කුමණහෝ වැඩදායී යමක් සිංහළ පඨකයාට ඔබ ලබාදේවි යැයි මම බලා පොරොත්තුවෙනවා. තමන්ට උපතින් යම් හැකියාවක් ලැබිලා තියෙනවා නම් රටවෙනුවෙන් එම හැකියාව ලාභාදිය යුතුයි. ඒක තමයි මගේ හැඟීම෴

  4. මේ බ්ලොග් එය යලි ඇරඹෙන තුරු මෙහි ලියවෙන පාඨක උද්ඝෝශන සටහන් අංක 1

    ගුරුවරු හිටගෙන සුලුදිය වඩද්දී ගෝලයෝ පිනුම් ගසමින් ඒක කරනවලු. මේක විපරියාසෙ නිරීක්ශනය කරපු මට මතක් වුනේ ඒක.

    – මෙයට වරුන මිතුරෝ සංවිධානය

  5. අළු ගසා දමා වහා නැගිට මැරතන් දුවන් සූදානම් වෙනු! අපි IIRC එකේ කතා කරගත් පරිදි.. ඔබ සිටින ස්ථාවරය වැරදියි! වහා බ්ලොග් ලියන්න ගනු!
    -TW

  6. මේ ලාස්ට් චාන්ස් එක අරී?

    සදුදට ලිව්වෙ නැත්තං… අපි උස්සනව බ්ලොග් එක 😛

    – මෙයට SB thugs*

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )