ලෝකයේ ජීවය

“මගේ සටහන” සුපුරුදු සඳුදා දවසෙ පල කරන්න බැරි වුනා. ප්‍රධානම හේතුව වුනේ කාර්ය බහුල වීම. ළඟම ඥාතියෙක්ගෙ මරණය සිදුවුනා. ඒක නිසා  දින කිහිපයක් නිදි වරන්න සිද්ධ වුනා. සෙනසුරාදා දවසෙ අපේ ව්‍යාපෘතියෙ වැඩ නිසා රාත්‍රිය පුරා ඉන්න සිදු වුනා. අන්තිමේදි ලියන්න වෙලාවක් නැති කම නිසා වැඩේ අත ඇර දැම්මා. ඒක නිසා මෙවර “මගේ සටහන” ලියන්න ගත්තෙ සඳුදා හවස. උදේ වරුවෙ විශ්ව විද්‍යායට ගියා විභාගයකයට මුහුණ දෙන්න. ඉරිදා දවසෙත් පාඩම් කරන්න වුන නිසා නින්දක් හරි හැටි නොලබමින් තමයි මේ දවස් කිහිපය ගතවුනේ. නියමිත දිනට “මගේ සටහන” පල නොවීම ගැන විමසපු හැම දෙනාටම තුති පල කරන අතරෙ දහසයවන ලිපිය ආරම්භ කරනවා.

ගිය සතියෙ “මගේ සටහන” ට බොහොම ප්‍රතිචාර ලැබිල තිබුන. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයෙ අය ඉතාම පැහැදිලා තිබුනා මං කියපු කරණු ගැන. ඒක නිසාම “මගේ සටහන” කියවපු පිරිමි පාර්ශවයෙ උදවිය මට ප්‍රශංසා කරන්න පසුබට වුනෙත් නෑ. කියපු දේවල් සම්පූර්ණ ඇත්ත බවයි ඒ අයගෙ හැඟීම වුනේ. ගැහැණු ළමයි ගැන කියපු ඒ කාරණාවට කාන්තා පාර්ශවය විරෝධය පෑවා. නමුත් ඔය වගේ කාරණා ටිකක් වැඩිපුර ලිව්වොතින් “මගේ සටහන” ට අනුග්‍රාහයකයෙක් හොයාගන්න බැරිවෙන එකක් නැති වෙයි කියල හිතෙනව. අහම්බෙන් වගේ ඔය ටික ලියල ලැබුනු උණුසුම් ප්‍රතිචාර නිසා පොටක් පෑදුනා වගේ පේන්න තියෙනව.

ඔය ගැහැණු ළමයි ගැන කියපු තවත් කාරණාවක් මට මතක් වුනා ඒක නිසා. මගේ මතකය නිවැරදි නම් ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ඨ කවියකු හැටියට සැලකෙන “ෂෙලී” කියන කවියා තමයි මේ කියමන කියල තියෙන්නෙ. මෙන්න මේක තමයි ඒ කියමන.

“චපලත්වය, ඔබේ නම ස්ත්‍රියයි”

ඒ වගේ  විශිෂ්ඨ කවියෙක්, අද කාලෙ ලැජ්ජාවක් කිසි හිරිකිතයක් නැතුව දොඩවන ඇමතිවරු වගේ කටමැත දෙඩෙව්වා කියල හිතන්නත් අමාරුයි නේද?. ඒක නිසා ඔය කාරණාව විශ්වාස කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවකුත් ඇතිවෙලා තියෙන්නෙ. දැන් නම් කාන්තා පාර්ශවය දැඩි විරෝධයක් දක්වන්න ඉඩ කඩ බොහොම වැඩියි “මගේ සටහන” ට. එහෙම වුනොත් සමහර විට දන්න අඳුරන උදවියට කියාවි “අර මගේ සටහන කියන එකෙන් අපිට විරුද්ධව මඩ ගහනව. කියවල බලන්න ටිකක්” කියල. එහෙම තත්වයක් උදාවුනොත් මට දෙයාකාරයකින් වාසියක් ලැබෙනව. එකක් පිරිමි පාර්ශවය අතර, අන්තර්ගතය නිසා “මගේ  සටහන” ජනප්‍රීය වෙනව. කාන්තා පාර්ශවය කේන්ති යාම නිසා මට දොස් පවරමින් විවේචනය කරන්න හිතාගෙන “මගේ සටහන” බලනව. කොහෙන් ගියත් වාසිය හම්බ වෙන්නෙ මට. ඒක හරියට නිදි මරාගෙන sms යවල, අපේ සල්ලි යනව ටැලිෆෝන් කොම්පැණි පෝසත් වෙනව වගේ වැඩක්. ඉඳල හිටල හරි මට පහලවෙන අදහස් නරකම නෑ කියල හිතෙනව.

මං කාන්තා විරෝධි පෙරමුණක කැඳවුම්කරු වෙලාවත්ද කියල කියවන උදවිය සැක පහල කරනවද දන්නෙ නෑ. අහපු කියපු කාරණා ටිකක් ඉදිරිපත් කලාට වැරදියට හිතන්න එපා. එහෙම බලනකොට ඔය වගේ වෙනත් කාරණා ගැනත් කොච්චර උපහාස කතන්දර තියෙනවද?. උදාහරණයක් විදිහට විවාහ ජීවිතේ කටුක බව ගැනමනෙ හැම විහිලු කතාවකම තියෙන්නෙ. ඒ කතා අහල හිනහ වුනාට විවාහ වෙන අදහස අතහරින්නෙ නෑනෙ පිරිමි උදවිය. ගෑනු නුවණ හැඳි මිටේ දිගයි කිව්වට මොකද ඔය වෙලාවට පිරිමි උදවියගෙ නුවණ ගැනත් සැක සංකා පහල වෙනවා.

හැබැයි කාරණාව ගැන ඇත්තටම හිතුවොත් ගැහැණු උදවිය ගැන  ඔය වගේ උදාහරණ වලින් මනින්න බැහැයි කියලයි මට හිතෙන්නෙ. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨතම ලේඛකයා විදිහට මං සලකන රුසියානු ලේඛක “මැක්සිම් ගෝර්කි”  මෙන්න මෙහෙම කියල තියෙනව. ඒක බොහොම ප්‍රසිද්ධ කියමනක්.

“ලෝකය ජීවය ලබන්නේ හිරු එළියෙන් සහ මවගේ කිරි වලිනි”

ගැහැණිය ගැන අගයන්න ඊට වඩා කියමනක් තවත් අවශ්‍යය නැහැයි කියල මට හිතෙනව. මුලු මහත් විශ්වය තුලම මානව ශිෂ්ඨාචාරයේ ප්‍රගමනය උදෙසා කරපු අති අනර්ඝතම මානව දයාව ඉදිරිපත්වුනේ අම්මා අතින්. සරලවම ගැහැණිය අතින්. මට තේරෙන විදිහට ඒක සදාකාලික සත්‍යයක් වගෙයි. “ගෝර්කි” ගෙ “අම්මා” නවකතාව කියවන මිනිහෙකුට ඇතිවන්නෙ ගැහැණිය ගැන ගෞව්රවයක්. ඒක ප්‍රබන්ධ කතාවක් කියල කෙනෙකුට බැහැර කරන්න හිතෙන්න පුලුවනි. නමුත් අපි එතරම්ම අකාරුණික හෝ අසංවේදි විය යුතු නැහැයි කියලයි මට හිතෙන්නෙ. 

කොහොමටත් ගෙවල් වල කරන වැඩ කන්දරාව දිහා බලන කොට අපේ අම්මල අහලකටවත් ලං වෙන්න අපිට බැහැ. ඒ කාරණාවට පිරිමි පාර්ශවය විරෝධයක් දක්වන්න හිතාවි කියල කිසිම විදිහකින් හිතන්න බැහැ. එහෙම බලන කොට ගැහැණිය කියන්නෙ සංවේදිබව , සුන්දරත්වය , මාතෘත්වය ආදී නොයෙක් ගුණාංග කැටි කරගත් සොබා දහමේ  සොඳුරු නිමැවුමක්.

අනෙත් අතට බලන කොට ගැහැණිය කියන්නෙ සංකීර්ණ චරිතයක්. තේරුම් ගන්න එක හරිම අමාරු වැඩක්. ඒ ගැන නම් “මගේ සටහන” කියවන උදවියට අත් දැකීම් ඇති. අර කියමනක් තියෙනවනෙ ගැහැණියකට වැඩියෙන් ආදරය කරන්න, වැඩිපුර තේරුම් ගන්න උත්සහ කරන්න එපයි කියල. කොච්චර සංකීර්ණ විද්‍යාත්මක සොයාගැනීම් කලත් ඔය ගැහැණියකගෙ ගති සොබාව තේරුම් ගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි.

හැබැයි ශාරීරික ශක්තිය අතින් පිරිමි උදවිය ඉස්සරහින් හිටියට දුක් දොම්නස් දරාගෙන ජීවත් වීවෙ හැකියාව අතින් ගැහැණියට සමාන වෙන්න හරි අමාරුයි. එහෙම කිව්වෙ අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු “ඔෂීන්” මාලා නාටකය මතක් වෙලා. ඒකත් ප්‍රබන්ධ  කතාවක් වුනත් සැබෑ ජීවිතයෙදි එවැනි දිරිය චරිත ඕනෑ තරම් මුණ ගැහෙනව.

ද්‍රෙවියන් ලෝකය මවන කොට ගැහැණියට පලල් උරහිසක් ඇතිවෙන විදිහට මැව්වලු. ඒකට හේතුව මුලු ලෝකයේක බර වුනත් දරාගෙන ජීවත් වීමේ හැකියාව ලැබෙන්නලු . ඒක නිසා ඇතිවන දුක් කරදරයකදි හිත සනසගන්න කඳුලු ලබා දුන්නලු. මේ කතාවත් මං කොහෙන්දෝ අහපු කතාවක්. ඒකත් බොහොම ලස්සනයි කියල මට හිතෙනව.

ගිය සතියෙ “මගේ සටහන” ට මුලින් කියපු කාරණා වලට අමතරව තවත් ප්‍රතිචාර ලැබිල තිබුනා. චාමර සොහොයුරා සුපුරුදු විදිහට “මගේ සටහන” වැඩි දියුණු කරගත හැකි තැන් ගැන පෙන්වල දීල තිබුනා. ඔහු පෙන්නල දුන්නට පස්සෙ තමයි ඡේද කුඩා කරල ලියන්න ආරම්භ කලෙත්. ඒක නිසා “මගේ සටහන” හි අපිළිවෙල ගතිය ටිකක් මග හැරිල ගියා කියල හිතෙනව.

අනිත් කාරණාව චිත්‍රපට ගැන තව ටිකක් වැඩිපුර ලියනවනම් හොඳයි කියල තිබුන එක. ඉදිරි කාලෙදි ඒ කාරණාව ඉශ්ඨ කරනව කියල පොරොන්දු වෙනව. තියෙන කම්මැලි කම නිසා ගොඩක් වෙලාවට විස්තර ලියවෙන්නෙ අඩුවෙන්. මං සඳහන් කරපු සමහර චිත්‍රපට බැලුව කියල “මගේ සටහන” හි පාඨකයො සඳහන් කරල තිබුන. ගෙවුනු සතියෙ නම් කිසිම අමතර වැඩකට කාලය හොයාගන්න බැරි වුනා මං මුලින් කිව්වා වගේ.

ගෙවිල ගියෙ ටිකක් වෙහඑසකර සතියක් වුනත් ඉස්සරහ සතියෙදි වැඩ වලින් යම් විවේකයක් ලැබේවි. එහෙම වුනොත් තව ලියන කියන වැඩ කටයුතු කිහිපයක් තියෙනව පටන් ගන්න. දැන් ඉතින් ලියන එකට ඇබ්බැහි වෙලා ඉන්න නිසා වෙලාව හොයාගන්න විතරයි අවශ්‍යය වෙන්නෙ. ඉස්සර වගේ එච්චරම කම්මැලි කමක් නං දැන් දැනෙන්නෙ නෑ.

එහෙමනං ඉතින් කලබලේට ලියවුන මේ සතියෙ “මගේ සටහන” නිමා කරනව. වෙනද වගේ නිමා කරන කොට ගී පදවැලක් සිහියට නැගුනෙත් නෑ. බදාදා තව ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්නත් තියෙනව. ලබන සතියෙ නැවත හමුවෙමු.
 

.
 

Advertisements

3 thoughts on “ලෝකයේ ජීවය

  1. වරුන, මං හිතන්නේ නම කියලා ඇමතුවට අමනාපයක් නැතුව ඇති. මේ blog eka නම් හරිම අපූරුයි. අද තමයි මෙක ගැන දැන ගත්තේ ,ලියලා තිබ්බ ඔක්කොම ලිපි එක හුස්මට කියවගෙන යනන්න පුළුවන්. හරිම ලගන්නා සුළු විදියට ලියලා තිබුනා. ඇත්තටම ඔයාගේ ලිපි කියවන සමහර කෙනෙක්ට ලේඛනය කරන්න හිතන් හිටියේ නැති උනත් පටන්ගන්න හිතෙනවා.

    ලිපි වගේම ලියපු කරණා ගැනත් මුකුත් නොකිව්වොත් හොඳ නැ කියල හිතුනා.
    “ද්‍රෙවියන් ලෝකය මවන කොට ගැහැණියට පලල් උරහිසක් ඇතිවෙන විදිහට මැව්වලු. ඒකට හේතුව මුලු ලෝකයේක බර වුනත් දරාගෙන ජීවත් වීමේ හැකියාව ලැබෙන්නලු . ඒක නිසා ඇතිවන දුක් කරදරයකදි හිත සනසගන්න කඳුලු ලබා දුන්නලු” ඇත්තටම වරුන ඔයාගේ ලිපියේ මෙන්න මෙතනදි හිතන්න මතන්න පුළුවන් ඕනම කෙනෙක්ට තමන්ගේ “අම්මා”ව මතක් වෙන්න ඇති.

    කොහොම උනත් අපි හැමෝ ලගම සංකීර්ණත්වයක් තියෙනවා, හැබැයි කියන්නේ අපි සරලයි කියල. මං ඔයාට පොඩි යෝජනාවක් කරන්නං, ගැහැනියගේ චපලකම විවෙචනය කරන අතරෙම “පිරිමියා” සතු චපලකමත් කතා කලොත් හොදයි කියලා.

    කොහොම උනත් හරිම රසවත් ලිපි පෙළක්, තව තවත් ඉදිරියට ලියාගෙන යන්න ලැබේවා කියලා මං ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )