“මගේ සටහන” ට තව තවත් ප්‍රතිචාර ලැබෙනවා. “මගේ සටහන” කියවලා ප්‍රතිචාර දක්වපු අලුත් යාලු මිත්‍රයො කීප දෙනෙක් දැන කියා ගන්නත් ලැබුනා. ඒ ගැනත් බොහොම සතුටුයි. මොනව වුනත් “මගේ සටහන” ගැන කල්පනා කරලා බලද්දි මටම දැනුනු දුර්වලතා තියෙනවා. සමහර වෙලාවට මොකද්දෝ අපිළිවෙල ගතියක් තියෙනවා වගේ. ප්‍රධාන හේතුව හිතට එන දේ කෙලින්ම පරිගණකයෙන් යතුරු ලියනය කරන එක. මුලින්ම අත් පිටපතක් ලියවුනානම් වැඩේ මීට වඩා හොඳට කරන්න පුලුවන් කියලා හිතෙනවා. නමුත් මගෙ කම්මැලි කම නිසා ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. අනිත් කාරණාව සංස්කාරකවරයෙක් නැති එක. සාමාන්‍යයෙන් පත්තරේක පලවන ලිපියක් මුලින්ම සංස්කරණය කරලා, හරි වැරදි බලලා තමයි පල කරන්නේ. මට ඉතින් එහෙම පහසුකම් නැති නිසා හරි වැරදි, අඩුපාඩු තිබුනොත් සමාවෙලා “මගේ සටහන” කියවන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලලා ඉන්නවා. සිනදුවකුත් අහන ගමන් “මගේ සටහන” පස් වන දිග හැරුම ආරම්භ කරනවා.
මේ ලිපිය ඇත්තටම මුලදි ලියවෙන්න තිබුනු එකක්. මං කලින් සඳහන් කරපු අපිළිවෙල හේතුවෙන් දැන් තමා මේ ලිපිය ලියවෙන්නෙ. අන්තර්ජාලයේ පිහිටෙන් අපිටත් මේ වගේ තීරු ලිපියක් ලියන්න අවස්ථාව ලැබුනට පත්තරේකට සතිපතා පලවන තීරු ලිපියක් ලියන එක ලේසි පාසු කාරියක් නෙවෙයිනෙ. ලියන පුද්ගලයට හොඳ සාහිත්‍යමය හැකියාවක්, සරල ප්‍රකාශන වහරක් තිබීම අත්‍යවශ්‍ය දෙයක්. කොහොම වුනත් වැදගත්ම දේ තමයි තීරු ලිපියට හොඳ නමක් සහ ලේඛකයා හඳුන්වා දීමට ක්‍රමයක් කල්පනා කරන එක. ඉතින් මටත් “මගේ සටහන” ලියන්න යද්දි ඔය ගැටලුව පැන නැගුනා. මම හොයලා බැලුවා වැඩේ කෙරෙන විදිය. නොයෙකුත් ලේඛකයො තමන්ගෙ ලිපිය හඳුන්වන්න නම් යොදනවනෙ. උදාහරණ වලින් දක්වනවා නම් මෙහෙමයි. “සිඵමිණ” පත්තරේට ලියන අසහය මාධ්‍යවේදියෙක් වන සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා තමන්ගේ තීරු ලිපියට නම යොදල තියෙන්නෙ “ජීවිතය සුන්දරයි” කියලා. මං ආසම කරන තීරු ලිපිය ඒක. ඒ තීරු ලිපිය ගැන වෙනම “මගේ සටහන” ක ලියන්න මමත් බොහොම ආසාවෙන් ඉන්නවා. රට රාජ්ජ වල සංචාරය කරපු ඒ වගේම සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම රසවත් ලිපි ලියන නීල් වීජේරත්න මහත්මයා ලිව්ව තීරු ලිපි
කිකිපයක්. මගෙ මතකයෙ හැටියට නම “මදුරාසි කොලුවා”. “දිවයින” පත්තරේට ලියනවා රන්ජන් ගාමිණී කියලා අපූරු ලේඛකයෙක්. ලිපියෙ නම “තානායම් පල්ලාගෙ සටහන”. තමනගේ රාජකාරිමය ජීවිතයේදි සහ එදිනෙදා ජීවිතයේදි මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කරගෙන ලියවෙන මේ සටහන් පෙල කියවන කොට ඕනෙම මිනිහෙක්ගෙ හිත ඇතුලෙ තියෙන සංවේදි භාවය මොන තරම් සුන්දරද කියල හිතෙනවා. තමන්ගෙ හිත ඇතුලෙ තියෙන දේවල් පිටතට ප්‍රකාශ කරන්න ඒ තරම් අපූරු දෙයක් තවත් නැති තරම්. ආත්ම ප්‍රකාශනයක් කරන කොට ඉබේම අපිට තියෙන මානසික පීඩනයත් අඩුවෙලා යනවා. ඔය වහේ කාලාන්තරයක් තිස්සෙ ජනාදරයට පත්වුනු තවත් ලිපියක් තමයි “මානි ගෙ තීරුව” . ලියන්නෙ අපි කවුරුත් දන්න “සුනදර නිහතමානී ද මැල්” කියන ලේඛකයා. නමේ හැටියටම ලියන දේවලුත් සුන්දරයි. “කසුරිගෙ කොලම” ලියන්නෙ කරුණාදාස සූරියආරච්චි මහත්මයා. ඔය කියපු ලිපි දෙකම ලංකාවෙ පවතින සමාජ , දේශපාලන වට පිටාව විවේචානාත්මකම බොහොම උපහාස රසය මිශ්‍ර කරලා මිනිස්සුන් ගෙ හිත් වලට කාවදින විදිහට ලියන ලිපි. ඔය ආකාරයට නොයෙකුත් විදියෙ තීරු ලිපි සහ සතිපතා පලවන අනෙකුත් ලිපි පලවෙනවානෙ. මට ප්‍රශ්නය වුනේ මං ලියන්න ලෑස්ති වුන ලිපියට හඳුන්වාදීම ලියන්නෙ කොහොමද කියන එක. සරලම ආකාරය ඉස්සෙල්ල කියපු විදිහට ලිපියට නමක් සහ ලියන්නාගෙ නම පහතින් සඳහන් කරන එක.
ලිපියට “මගේ සටහන” කියලා යොදන්න තෝර ගත්තා. ඔන්න එක වැඩක් ඉවරයි. ඊළඟ වැඩේ ලියන පුද්ගලයා හැඳින්වීම. මං මුලින්ම කිව්වනෙ ඒක ගැන කල්පනා කරලා බැලුවා. ඉතින් මං ආසම හැඳින්වීම මෙන්න මේක. “ඉරිදා ලක්බිම” පත්තරේ කියවන අය දන්නවා ඇති මං මේ කියන ලිපිය ගැන. ලේඛකයව හඳුන්වන්නෙ මෙහෙම “ගාල්ලේ දෙව්සිරි .පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට”. ලියන්නෙ දෙව්සිරි .පී. හේවාවිදාන , උපන් ගම ලංකාවෙ ගාල්ල. දැන් ඉන්නෙ එංගලන්තයෙ ලන්ඩන් නුවර. මටත් තදින්ම ආසාවක් ඇතිවුනා ඒ වගේ හැඳින්වීමක් යොදාගන්න තියෙනවනම් කියලා. මගෙ නම පිළිබඳව කියන්න තරම් බරපතල අවුලක් නැහැ. ප්‍රසිද්ධියෙ නම ප්‍රකාශ කරන්න බැරිවෙන තරමෙ වැඩ තාම කරල නැති නිසා බය වෙන්න දේකුත් නෑ. නම ගැන ගැටඵව හරි. බරපතලම හරිය උද්ගත වුනේ ඊට පස්සෙ. අපේ ගමේ නම මහරනුගේගොඩ. මගේ විශ්ව විද්‍යාල සඟයන් ගෙන් නොයෙකුත් අපහාස උපහාස වලට මුහුණ දෙන්න වෙලා තියෙනව ගමේ නම නිසා. කට්ටිය කියන්නෙ මං ඉන්නෙ එලොවට මෙලොවට දෙකටම අයිති නැති ගමක කියලා. ගමේ නම හැදුනෙ කොහොමද කියන්න දන්නෙ නැති වුනත් නම ගැන නම් මගෙත් වැඩි පැහැදීමක් නැහැ. පැත්ත ගියත් ඇත්ත කියන්න එපැයි. ඔය විස්තර පත්‍රිකාවක් එහෙම පුරවලා දෙන වෙලාවට භාර ගන්න පුද්ගලයා මගෙන් අහන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි “හරිද ලිපිනය ලියලා තියෙනවා” කියලා. ඔය හැම වෙලාවෙම මට පැහැදිලි කරලා දෙන්න වෙනවා මහරනුගේගොඩ කියන්නෙ එක ගමක නමක් වග. වැරදිලා වගේ කවදහරි ඔය දේශපාලකයෙක් වෙන්න ලැබුනොතින් හැම දේකටම කලින් කරන්නමෙ ගමට මගෙ නම තියන එක. මෙහෙම කිව්වට කවුරුවත් කලබල වෙන්න එපා. හීනෙන් හරි ඔය වගේ දෙයක් හිතන එකෙත් පොඩි ආශ්වාදයක් තියෙනවනෙ. අනිත් ගැටඵව ඊටත් වඩා සංකීර්ණයි. මං කලින් සඳහන් කරපු ලේඛකයා ජීවත් වෙන්නෙ ලන්ඩන් නුවර. මං තාම ඉන්නෙ ගමේ. දැන් මොකද කරන්නෙ. “ගෙදර සිටම ලියයි” වගේ යෙදුමක් පාවිච්චි කරන්නත් බැහැ. මතක ඇති කාලෙකට රජරටට වත් ගිහිල්ලා නෑ. “මගේ සටහන” ට ලියන්නා ගැන හැඳින්වීමක් යොදන අදහස ඒක නිසා අත ඇරලා දාන්න වුනා අකමැත්තෙන් වුනත්. එහෙම නොවුනනම් ලිපියට හැඳින්වීම මෙන්න මේ විදිහට ලියවෙන්න තිබුනා.
“මහරනුගේගොඩ වරුණ පෙරේරා ගෙදර සිට”
වැරදිලාත් වත් ඔය පේලිය යොදා ගත්ත නම් “මගේ සටහන” හි අන්තර්ගතය ගැන කෙසේ වෙතත් ඔය විකාර හැඳින්වීම ගැන ප්‍රතිචාර ලැබෙන්න තිබුනා. ඔය සියලුම කාරණා සලකා බලා අවසානයෙදි එළඹුන නිගමනය තමයි නිර්නාමිකව ලියන එක. අකමැත්තෙන් වුනත් හිත හදා ගත්තා සියලු ආශාවන් ඉශ්ඨ කර ගන්න බැහැනෙ අපිට කියල හිතාගෙන. මිනිස් ජීවීතේදි අපි ලබා ගන්න , කරන්න කැමති මොන තරම් දෙවල් තියෙනවද? හිතේ තිබුන පළියට හැම දෙයක්ම ලැබෙන්නෙ නෑ නෙ. ස්භාව ධර්මය ඔහොම තමයි කියල හිත හදාගන්න තමයි වෙන්නෙ. “මගේ සටහන” වැඩිය දිගට ලියන්න එපයි කියලත් ප්‍රතිචාරයක් ලැබුනා. අපිළිවෙල කම නිසාම තාම හැම ලිපියම නිශ්චිත වචන ප්‍රමාණයකට සීමා කරන්න බැරිවුනා. ඉස්සහර ලිපි වලදි අඩු පාඩු මඟ ඇරේවි. මෙවර “මගේ සටහන” අවසන් කරන්න හදන්නෙ අපි කාගෙත් ප්‍රියතම ක්‍රීඩයෙක් වුන සනත් ජයසූරියට සුබ පතන ගමන්. සනත් ගැන කියන්න තියෙන්නෙ මෙන්න මේ දේ තමයි.
“පැරණි සොල්දාදුවෝ නොමියෙති”
This is different from others. Like an introduction to ‘Mage satahana’. Hope to see the next one from ur experiences. Keep up writing friend…
There’s another article in RIVIRA. Written by Rasika Jayakodi. It’s a small one but very nice. Check that, too malli.
All the very best!
මමත් “මගේ සටහනේ නිදහස් අදහස්” ආසාවෙන් කියවනව. ඔබට ජය ශ්‍රී!
ෂා! මම නම් මේක කියවන්නෙ බොහොම ආසාවෙන්. නියම රචනා ශෛලියක්! දිගටම ලියන්න 🙂
ෂා නියමයි! 🙂 අනෙක් අය වගේම මමත් ආසාවෙන් කියවන සටහනක් මේක. දිගටම ලියන්න මගෙන් සුභපැතුම් ඔබට.
මේ ලිපිය තුළ හැඳින්වීම ද අංතර්ගත කොට තිබෙන බවක් හැඟී යයි. රසවත් ව ගලාගෙන යන පද මාලාවකින් සමන්විතයි මේ ලිපියත්.