නිදහස් අදහස් » ත්‍රිත්ව

බ්‍රැඩ්බි තරඟ මතක
කාලෙකට පස්සෙ ගිය සතියෙ ලියවුනු “මගේ සටහන” ට ලැබුණු ප්‍රතිචාර නිසා මේ සතියෙත් ආයෙමත් ලියන්න ඕනෙ කියල හිතුනා. කම්මැලි කමේ කැරකි කැරකි ඉඳලා ඉස්සර වගේම සුපුරුදු ඉරිදා හැන්දෑවේ තමයි “මගේ සටහන ලියන්න පටන් ගත්තෙ. වැහිබර හැන්දෑවේ සීතල ගතියත් එක්ක ආපු කම්මැලි කම පැත්තකට තියල එහෙමනම් හතලිස් තුන්වන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා.

ගිය සතියෙ සටහන ලියවුනේ මගේ සිරීපාදේ චාරිකා මතක සටහන් ගැන. මේ සතියෙත් ඒ ගැනම සටහනක් ලියන්න තමයි මුලින්ම හිතාගෙන හිටියෙ. නමුත් ඊයේ හවස් ජාමේ ගිහිල්ලා ආපු ගමනක් නිසා ඒ අදහස වෙනස් වුනා. කොහොමටත් ඔය මම ගිය එක එක ගමන් වල විස්තර “මගේ සටහන” ට ලියන්න ඕනේ කියන පිස්සුව තදවුනේ මට අර “සුනේත්‍රා සින්ඩ්‍රෝම” හැදුනට පස්සෙ  . ඔය සුනේත්‍රා සින්ඩ්‍රෝමය මට හැදුනෙ අපේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ “මතක පොත” කියෙව්වට පස්සෙ. ඔය පොත් කීපයටය මගෙ තිබුණු ආසාව තදවෙච්ච හින්දා මම ඒකට “සුනේත්‍රා සින්ඩ්‍රෝමය” කියලම නම තියා ගත්තා.

ඉතින් “සුනේත්‍රා සින්ඩ්‍රෝමය” පැත්තකට තියල මේ සතියෙ සටහනට බහින්න ඕන. මේ සතියෙ සටහන ලියන්න හිතුනෙ මගේ බ්‍රැඩ්බි මතකයන් ගැන. බ්‍රැඩ්බි කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නම් එක පාරටම හොල්මන් වෙන්න ඉඩ තියෙනවා. බ්‍රැඩ්බි කියන්නෙ ඇත්තටම පුද්ගලයෙක් ගෙ නමක්. ඊ.එල්.බ්‍රැඩ්බි මහත්මයා කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති ධුරය දැරූ කෙනෙක්. කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂික රග්බි තරඟයක් පැවැත්වෙනවා. මේක පැවැත්වෙන්නෙ  බ්‍රැඩ්බි කුසලානය වෙනුවෙන්. මේක බොහොම ප්‍රසිද්ධ රගර් තරඟයක්. සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ ඉහලම තැන තියෙන තරඟය විදිහට සැලකෙන්නෙ මේ තරඟය තමයි.

කොහොමටත් අපේ පාසල් කණ්ඩායම අන්තර් පාසල් රගර් තරඟ වල මොන තරම් හොඳට සෙල්ලම් කලත් බ්‍රැඩ්බි තරඟය පරදිනවා දකින්න කිසිම කෙනෙක් කැමති නැහැ. මේ තරඟය තමයි කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට තියෙන වැදගත්ම තරඟය. ඉතින් ඊයෙ දවසෙ මම කලේ නුවර ගිහිල්ලා මේ තරඟය බලපු එක තමයි. ඒක හරි අපූරු ආස්වාදනීය අත් දැකීමක්. ඒත්දැකීම විඳින්න ලැබෙන අවස්තවක් මම කොහොමටත් මග අරින්නෙ නම් නෑ.

මේ බ්‍රැඩ්බි තරඟයෙ තියෙන හරි අපූරු තරඟය තමයි කොළඹ එක තරඟයකුත් , මහනුවර දී අනෙත් තරඟයත් පවත්වන එක. ජයග්‍රාහකයා තීරණය කරන්නෙ තරඟ දෙකේදිම ලකුණු එකතුව වැඩි කණ්ඩායම. ඒක නිසා මේක බොහොම තරඟකාරී දෙයක්. මේ තරඟයෙ තියෙන පීඩනය නිසාම ඒක දිනන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි.කොහොමහරි ඉතින් ඊයේ පත්තවපු බ්‍රැඩ්බි කුසලාන පලවෙනි තරගෙදි ත්‍රිත්ව කණ්ඩායම ලකුණු 22-12 විදිහට පරද්දන්න අපේ කණ්ඩායමට පුලුවන් වුනා.

ඒ තරඟය ගැන ලියන එක ක්‍රීඩා විස්තර විචාරයක් වෙන හින්දා වැඩිය ලියන්නනෙ නෑ. ඒ වුනාට මේ බ්‍රැඩිබි තරඟයේ තියෙන අපූරු බව ගැන තමයි “මගේ සටහන” ට එකතු කරන්න අවශ්‍ය වුනේ. ඔය රගර් සෙල්ලම ගැන මට කිසිම අදහසක් තිබ්බෙ නෑ මුල දවස් වල. මොකද අපි පහ වසරට වෙනකම් හිටපු ඉස්කෝලෙ තිබුනු ක්‍රීඩා පහසුකම් වල තත්වය ගැන මම මීට කලින් “මගේ සටහන” වලදි කියල තියෙන නිසා.

ඉතින් මුලින්ම රගර් සෙල්ලම් කරනවා බලන්න හම්බ වුනේ රාජකීය විද්‍යාලෙට ආවට පස්සෙ තමයි. මුල දවස් වල නම් මට මේ අලුත් සෙල්ලම ගැන ඒ තරම් ආසාවක් ඇතිවුනේ නෑ. ඒ කොහොම වුනත් ටික දවසක් යනකොට මගෙ කුතුහුලය ටිකින් ටික වැඩි වුනා මේ සෙල්ලම ගැන දැන ගන්න. එතකොට තමයි මම රගර් සෙල්ලමේ තියෙන නීති රීති එහෙම මොනවද කියල දැනගත්තෙ. අනිත් එක නවයෙ දහය පන්ති වලට එනකොට අපේ පන්ති වල හිටපු සමහර ළමයි පාසල් කණ්ඩායම වෙනුවෙන් රගර් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒකට වැඩි හරියක් යොමුවුනේ ටිකක් ඇඟපත තියෙන ළමයි .මං වගේ ඇටිකිච්චො හීනෙන් වත් රගර් සෙල්ලං කරන්න නං හිතුනෙ නෑ. මොකද අපි සෙල්ලං කරානං තරඟ ඉවර වෙල් අපේ කෑලි ටික තමයි එකතු කර ගන්න වෙන්නෙ නිසා.

මේ සෙල්ලම ගොඩක් ඇගේ හැප්පිලා කරන එකක් වුනත් බොහොම ඉක්මනට මගෙ ආසාවක් ඇතිවුනා රගර් තරඟ බලන්න. කොහොමටත් රගර් කණ්ඩායම් ක්‍රීඩාවක් වුන නිසා මගෙ ආසාව තවත් වැඩි වුනා. මොකද තනි තනි ක්‍රීඩකයො සෙල්ලම් කරන ක්‍රීඩාවලට මගෙ ඒ තරම් කැමැත්තක් නැති නිසා. ඔය කාලේ ඉතින් අපේ පන්ති වල හිටපු රගර් ක්‍රීඩකයො නම් හරි ඉහළින් තමයි හිටියෙ. සමහර අය හිතාගෙන හිටියෙ ඒ අය නවසීලන්ත ජාතික කණ්ඩායමේ සෙල්ලං කරනවා වගේ. අප්පේ බලන්න එපැයි උන්දලගෙ තිබ්බ ආඩම්බර වෙලාවකට. ඒක නිසාම සමහර වෙලාවට රගර් ගහන උන්දල අපිට වැඩිය ඇල්ලුවෙත් නැති ගානයි.

ඉතින් ඔයින් මෙයින් මගෙ රගර් ක්‍රීඩාව ගැන තියෙන උනන්දුව එනාන එන්නම වැඩි වෙන්න ගත්තා. ඒක නිසාම සමහර වෙලාවට අපේ කාණ්ඩෙය මිත්‍රයො ආවෙ නැතත් තනියම හරි ගිහිල්ලා රගර් තරඟ නරඹලා තියෙනවා. ඉතින් ඔක්කොම කතන්දර අස්සෙ බ්‍රැඩ්බි තරඟය ගැන වැඩි විස්තර කියන්න අමතක වුනානෙ. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලෙ බිග් මැච් එකට අමතරව තියෙන වැදගත්ම ක්‍රිඩා ඉසව්ව තමයි බ්‍රැඩ්බි තරඟය. ඔය තරඟය ගැන හැම දෙනාම කතා කරන්නෙ හරිම උනන්දුවෙන්. කොහොමටත් පාසල් කාලෙදි ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා රගර් ක්‍රීඩකයො බොහොම ජනප්‍රියයි. පත්තර වල වුනත් රගර් තරඟ ආවරණය කරන එක බොහොම උනන්දුවෙන් කරනවා. තරඟ බලන්න එන පිරිසත් බොහොම වැඩියි.

ඔය රගර් ක්‍රීඩාවට උනන්දු වුනු මුල් කාලෙ තමයි බ්‍රැඩ්බි තරඟය ගැන දැන ගත්තෙ. ඒ දවස් වල ඉහළ පන්ති බල ළමයිනුයි අපේ පන්ති වල හිටපු සමහර ළමයිනුයි ඒ කාලෙදි බොහොම ඒ ගැන උනන්දු වුනත් මම එච්චරම ඒ ගැන හොයල බැලුවෙ නෑ. මොකද ඒක ඒ තරම් ආස්වාදනීය දෙයක් කියල මම හිතුවෙ නැති නිසා. නමුත් පස්සෙ කාලෙක තමයි මම මේ ගැන හරියටම ඇන ගත්තෙ.

ඔය බ්‍රැඩ්බි තරඟයෙ තියෙන අපූරු ගතිය තරඟ දෙකක් තියෙන එක කියල මම කිව්වනෙ. සාමාන්‍යෙන් දැන්නම් කොළඹ තරඟය රාජකීය ක්‍රීඩා සංකීර්ණයෙදි තමයි තියන්නෙ. මහනුවර තරඟය තියන්නෙ සුප්‍රසිද්ධ බෝගම්බර පිට්ටනියෙ. ඉස්සර නම් සුගතදාස පිට්ටනියෙත් , නුවර නිත්වෙලදිත් ඔය තරඟය තිබිලා තියෙනවා. කොහොම හරි මුල්ම වතාවට මම බ්‍රැඩ්බි තරඟයක් බලන්න ගියෙ මට මතක විදිහට දෙදහස් එකේ අවුරුද්දෙ. එච්චර කාලෙකට ආසාවක් තිබුනට බ්‍රැඩ්බි තරඟයට යන්න අවස්තාවක් හම්බ වුනේ නෑ.

කොහොමටත් මේ තරඟයෙ තියෙන වටා පිටාව හරිම අපූරුයි. මොකද පිට්ටනිය පිරිලා ඉතිරිලා යන තරමට සෙනග එනවා තරඟය බලන්න. කොහොමටත් නුවර තරඟය බලන්න යන එක විනෝද චාරිකාවක් යනවා වගේ. කණ්ඩායම් එකතු වෙල් උදේ නුවර ගිහිල්ලා කාලා බීලා විනෝද වෙලා හවස තරඟය බලන්න යන එක තමයි අපේ කට්ටිය කටන්නෙ. සමහර වෙලාවට උදේ හොදට සප්පායම් වුනාම හවස තරගෙදි එක බෝලයක් වෙනුවට බෝල තුන හතරක් මැවිලා පේනවා.

මේ තරඟයට එන ගොඩක් අය එන්නෙ තම තමන්ගෙ ඉස්කෝල වල ටී ෂර්ට් ඇඳගෙන ඒ ඒ අවුරුද්දෙ කණ්ඩායම් විදිහට. ඊට අමතරව ප්‍රසිද්ධ පපරෙ බෑන්ඩ් එහෙමත් සෙල්ලම් කරනවා. මේ තරඟය පුරුවටම අපි ඉතින් කරන්නෙ ගිරිය කඩාගෙන අපේ ඉස්කෝලෙ දිරිමත් කරන්න කෑ ගහන එක තමයි. ඉහෙම කරනකොට ඇතිවෙන හැඟීම නම් විස්තර කරන්න හරි අමාරුයි. කොහොම හරි 2001 අවුරුද්දෙ මම බලපු තරඟය පැවැත්වුනේ කොළඹ දි. ඒ අවුරුද්දෙ තිසල් ජයවර්ධනගෙ නායකත්වයෙන් තරඟ වැදුනු ත්‍රිත්ව කණ්ඩායම ලකූණූ 12-0 සහ 16-0 විදිහට පරද්දපු අපේ කණ්ඩායම ජයග්‍රහණය කලා. ඒ තරඟයෙදි අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ දක්ෂ ක්‍රීඩකයෙක් වුනු හරීන් කලුආරච්චි. ඊට අමතර ඒ කණ්ඩායමේ සුල්කි හමීඩ්, ෂමිල් මොහොමඩ්, දුෂාන්ත ලෙව්කෙ, රජිත් ජයසුන්දර වගේ ජාතික මට්ටමට ගිය දක්ෂ ක්‍රීඩකයන් ගෙන් පිරී තිබුණා.

ඉතින් ඒ මුල්ම තරඟයෙන් පස්සෙ මගෙ බ්‍රැඩ්බි තරඟය ගැන තියෙන ආසාව තවත් වැඩි වුනා. ඊට පස්සෙ අවුරුද්දෙ තමයි මම මුල්ම වතාවට නුවර බ්‍රැඩ්බි තරඟය බලනාන ගියෙ. ඒ නුවර ගමන් ඔක්කොම හරිම සුන්දර අත් දැකීම්. අනිත් කාරණාව ඔය බ්‍රැඩ්බි තරඟයට ගියාම පරණ යාලු මිත්‍රයො ගොඩ දෙනෙක් මුණ ගැහෙනවා. සමහර අයව දකින්නෙ ඉස්කෝලෙන් එළියට ආවට පස්සෙ පලවෙනි වතාවට. ඒක නිසා බ්‍රැඩ්බි තරඟය රගර් තරඟයකට අමතරව යාලු මිත්‍රකම් අලුත් කරන තැනක්.

තවත් ගොඩක් දේවල් බ්‍රැඩ්බි තරඟය වගේම මම බලන්න ගිය අමතක නොවන රගර් තරඟ ගැනත් ලියන්න තියෙනවා. එහෙම නම් ඉතින් මේ සතියෙ “මගේ සටහන” නිමා කරනවා. නැවත හමුවන තෙක් ආයුබෝවන්.

Posted in ත්‍රිත්ව, බ්‍රැඩ්බි, මගේ සටහන, රාජකීය