ලයිසන් එක

“මගේ සටහන” අන්තිමට ලියල දැන් අවුරුද්දකටත් වැඩී. හිතෙන දේ ලියෙන යන්තරයක් වත් තිබ්බ නම් අඩුම ගානෙ තව ලිපි දෙක තුනක් වත් ලියවිලා තියෙන්න තිබුනා. ඒ කොහොම වුනත් අවුරුද්දක් තිස්සෙ හිතුවත් පනස් වෙනි ලිපිය දාගන්න තවම බැරි වුනා. ඉස්සර වගේම සුපුරුදු කම්මැලි කම ලෙඩේ හැදිලා නිසා ගොඩක් වෙලාවට ලියන්න හිත හදා ගන්න බැරි වුනත් අද කොහොම හරි [...]

හයිද්‍රාබාදයේ බිරියානි

මගේ සටහන එක පාරටම සටහන් හතරක් විතර ලියල දැම්මට පස්සෙ අයෙ පරණ ලෙඩේ හැදුනා. ඒ තමයි අර කම්මැලි කම කියන ලෙඩේ. ඒ කොහොම වුණත් මගේ සටහන ආයෙමත් ලියන්න ඕනෙ කියලා හිත හිතා හිටියා. අන්තිමේදි එකපාරටම මගේ සටහන ලියල දාන්න පටන් ගත්තා. මේ පාර මගේ සටහන ලියන්නෙ අමුතු විදියකට. මම කියවන ගමන් තව කෙනෙක් ටයිප් කරනවා. [...]

ඉන්දියානු ඩ්‍රයිවර්

“මගේ සටහන” ට ගිය සතියෙත් ඒ තරම්ම ප්‍රතිචාර ලැබිලා තිබුණෙ නැති නිසා එක පාරටම හිතේ පොඩි සැකයකුත් ඇති වුනා. ඒ කොහොම වුනත් මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. මොකද කම්මැලි ඉරිදා හැන්දෑවෙ කැරකි කැරකි ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. කොහොමටත් මේ දවස් ටිකේ කොයි තරම් වැඩ තිබුනත් චිත්‍රපටි බලන එක යහමින් කලා. ඒ [...]

යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර්

කාලයක් තිස්සෙ නොලියවුනු “මගේ සටහන” ආයෙ ලියන්න පටන් අරගෙන දැන් සති දෙකක් වෙනවා. එතනින් මුල්ම සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණට ඡන්ද කලබල අස්සෙ හින්ඳ මන්දා ගිය සතියෙ සටහනට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා තිබුනෙ නෑ. ඒ “මගේ සටහන” කම්මැලි හින්ද දෝ කියලත් හිතුනා. කොහොම වුනත් මගේ ගමන් චාරිකාව ගැන විස්තර තව කියන්නත් එක්කම මේ සතියෙ “මගේ [...]

සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන් විස්තරයි. ඒකට ලැබිල තිබුනු [...]

ගුවන් අනතුරින් චූ බේරේ

ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස් කම් එහෙමත් [...]

බ්‍රැඩ්බි තරඟ මතක

කාලෙකට පස්සෙ ගිය සතියෙ ලියවුනු “මගේ සටහන” ට ලැබුණු ප්‍රතිචාර නිසා මේ සතියෙත් ආයෙමත් ලියන්න ඕනෙ කියල හිතුනා. කම්මැලි කමේ කැරකි කැරකි ඉඳලා ඉස්සර වගේම සුපුරුදු ඉරිදා හැන්දෑවේ තමයි “මගේ සටහන ලියන්න පටන් ගත්තෙ. වැහිබර හැන්දෑවේ සීතල ගතියත් එක්ක ආපු කම්මැලි කම පැත්තකට තියල එහෙමනම් හතලිස් තුන්වන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. ගිය සතියෙ [...]

සිරිපා මතක

බොහොම කාලයක් තිස්සේ  “මගේ සටහන” ලියවුනේ නෑ. ඒකට හේතු නම් තිබුනා ගොඩක්. ජීවීතේ වෙනස්කම් සිද්ධ වුනා, අසනීප වුනා , කාර්ය බහුල වුනා සහ තවත් එක එක දේවල්. මාස තුනක් තිස්සේ ලියන්නේ නැතුව ඉඳලා හදිස්සියේම හිතුනා “මගේ සටහන” ලියල දාන එක හොඳයි කියල. එහෙමනම් ඉතින් කාලෙකට පස්සෙ ලියැවෙන හතලිස් දෙවන “මගේ සටහන” මෙතැන් සිට ආරම්භ කරනවා. [...]

සෙල්ල කතරගම යාතිකා

“මගේ සටහන” ගිය සතියෙ ලියවුනේ යම් කාලෙකට පස්සෙ. ඒකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මේ සතියෙත් කම්මැලි නැතුව ලියල දාන්න ඕනෙ කියල හිතුනා. ඒ ප්‍රතිචාර අතරෙ නොයෙකුත් අත් දැකීම් එකතු වෙලා තිබුනා. එදා යටගිය දවස් වල ඉඳල සමාජීය වශයෙන් සිද්ධ වුන වෙනස් කම් තමයි ඒ ප්‍රතිචාර වල තිබුනෙ. ඒක නිසා ඉතින් තවත් ටිකකි ඒ ගැන බැඳුණු මතකයන් [...]

සුනේත්‍රා සහ කතරගම

“මගේ සටහන” ආයෙමත් ගොඩ කාලයක් තිස්සෙ ලියවුනේ නෑ. ලියන්න හිත හිත හිටියට හරිම කම්මැලි කමක් දැනුන නිසා ලියවුනේ නෑ. එක වතාවක් ලියන්න පටන් අරගෙන අතරමග නවත්තල දැම්ම. එතකොට මේ ලියන්න හදන්නෙ හතලිස් වෙනි සටහන. හරියටම මාස දෙකකට විතර පස්සෙ. එහෙමනම් ඉතින් මගේ සටහනෙ හතලිස් වෙනි ලිපිය ආරම්භ කරනවා. ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න [...]

Follow

Get every new post delivered to your Inbox.