ලයිසන් එක

“මගේ සටහන” අන්තිමට ලියල දැන් අවුරුද්දකටත් වැඩී. හිතෙන දේ ලියෙන යන්තරයක් වත් තිබ්බ නම් අඩුම ගානෙ තව ලිපි දෙක තුනක් වත් ලියවිලා තියෙන්න තිබුනා. ඒ කොහොම වුනත් අවුරුද්දක් තිස්සෙ හිතුවත් පනස් වෙනි ලිපිය දාගන්න තවම බැරි වුනා. ඉස්සර වගේම සුපුරුදු කම්මැලි කම ලෙඩේ හැදිලා නිසා ගොඩක් වෙලාවට ලියන්න හිත හදා ගන්න බැරි වුනත් අද කොහොම හරි මගේ සටහන 49 වෙනි ලිපිය ලියල දානවා.

මගේ සටහන අන්තිමට නැවතුනේ මගේ ඉන්දියන් ගමන් කතන්දර කියන ගමන්. ඒ කතන්දරේ ඒ දවස්වලම ඉවර කරලා දාලා අලුත් කතාවකට යන්න ඕනෑකම තිබ්බත් බැරිවුනා. අද කොහොම හරි මගේ හයිද්‍රාබාද් ගමන් විස්තරය කියල ඉවර කරනවා.

මම කොහොමටත් කිව්වනෙ හයිද්‍රාබාදය හරිම අපූරු නගරයක් කියල. හයිද්‍රාබාදය කොළඹ වගේ ජනාකීර්ණ සහ විශාල නගරයක් වුනාට මුලු ටවුමටම මම දැක්කෙ මාර්ග විදුලි එලි (trafic signals) එක තැනකදි විතරයි.

අනෙත් තැන් වල මිනිස්සු කොහොම හරි වාහන හප්පගන්නෙ නැතිව ධාවනය කරන හැටි දැකල මට හිතුනෙ අපි බැන්නට ලංකාවෙ පාරක වාහනයක් එලවන එක කොච්චර ලේසි ඇතිද කියල. මුලු නගරය පුරාම මං ගිය ගමන් වලදි වාහන හසුරුවන්න පොලිස් නිලධාරීන් හිටියෙ එකම එක තැනක විතරයි.

හයිද්‍රාබාදයෙ හරිම අපූරු වැඩේ තමයි එහෙ පාවිච්චි වෙන යතුරු පැදි ගණන. මොකද ගොඩක් අය යතුරු පැදියෙන් තමයි ගමන් බිමන් වල යන්නෙ. විශේෂයෙන්ම සකූටර් වල නැගී ගෙන තනියම උදේට වැඩට යන සුන්දර ඉන්දීය ලලනාවන් දැක්කම මගෙ හිත මොහොතකට සලිත වුනේ නැතුවමත් නෙවෙයි :) . අනිත් අපූරු කාරණය තමයි එහෙදි හිස් ආරක්ෂක භාවිතයක් නැති කම. පොලිස්සිය ඉන්න කොට මගේ ගමන් සඟයා වුන කිරන් ඒක්ක බයිසකලේ නැගල යනකොට මම හිතුවෙ “මූට පිස්සු හෙල්මට නැතුව යන්නෑ කියල. බලනකොට එහෙම හිතපු මට තමයි වැරදුනේ කියල තේරුනෙ පොලිස් නිලධාරීන් ඉන්න කොට වුනත් කිසිම ගානක් නැතුව යතුරු පැදි වල හිස් ආවරණ නැතුව යනවා දැක්කම.

හයිද්‍රාබාදයෙ මාර්ග නීති කොයි තරම් අපුරුද කියනව නම් මගෙ සඟයා වෙච්ච කිරන් ගෙන් මම  ඉල්ලුවා මිනිහගෙ රියදුරු බලපත්‍රය. මෙන්න බොලෙ මිනිහා මට දීපි පොටො කොපි කරලා ලැමිනේටින් කරපු එකක්. පුදුම වෙච්ච පාර මම ඇහුවා ” කො මිනිහො මේකේ නියම එක ” කියලා. ඒ පාර මිනිහා කියපි ” මම ඒක ගෙදර අරගෙන තියල තියෙන්නෙ පරිස්සමට , මොකද මෙහෙදි නැතිවුනොත් කියලා ” . ඔන්න ඉතින් හිතාගන්නෙ පුලුවන්නෙ ඉන්දියාවේ මාර්ග නීති වල තද කම :) .

ඉන්දියාවෙ දි පාරවල් වල යන එකේ රඟේ මට තේරැනෙ හවසට . කිරන් මගෙ නවාතැනට ඉස්සරහින් ගෙනත් දැම්මම මගෙ නවාතැන පැත්තට යන්න පාර පැන ගන්න බැරුව මම ගැහි ගැහි ඉන්නකොට. මොකද ඒ එන වාහන කන්දරාව අස්සෙ කහ ඉරක්වත් නැතුව පාර පනින්න විනාඩි 10 කට වඩා බලා ගෙන හිටපු මම අන්තිමට වාහන අඩු වෙනකම් පාරෙ උඩහට පල්ලෙහට ඇවිදල බැරිම තැන දෙවියො බුදුන් සිහි කර ගෙන තමයි පාර මාරු වුනේ. මේ වැඩේ කොච්චරම අමාරු වුනාද කියනව නම් මගෙ අවශ්‍යතාවයකට ටවුමට ගිය වෙල්වක මාත් එක්ක හිටපු සඟයට මගෙ බය දැනිලා අර පුංචි ළමයෙක් පාර හරහා එක්කර ගෙන යනවා වගේ මගෙ අතින් අල්ල ගෙන තමයි පාර මාරු වුනේ.

ඔය අස්සෙ මට තව කියන්න අමතක වුනානෙ ඉන්දියාවෙ කෑම ගැන. ඉන්දියන් කෑම ගැන මම කොච්චර ආස වුනාද කියනවනම් කට්ටිය මට එක එක කෑම අත්හදා බලන්න අවස්ථාව දුන්නා. වතාවක් සල්ලි ටිකක් මාරු කර ගන්න ගිය වෙලාවෙ පාර අයිනෙ පෙට්ටි කඩේකින් පපඩමක් වගේ එකකට තැම්බුං හොද්දක් වගේ එකක් දාලා කාපු හරිම රසවත් කෑමත් මට අමතක වෙන්නෙ නෑ. ඉන්දියාවෙ දි දවල් කෑමට මම ගොඩක් වෙලාවට එළියට ගියෙ නෑ. ඒ වෙනුවට මගෙ ඉන්දීය සඟයන් එක්ක කාර්යාලයෙ දෙන කෑම එක කන්න තමයි මටත් සිද්ධ වුනේ.

ඒ කෑම වේල තනිකරම නිර්මාංශ නිසා මට දි මුල දි නම් එපා වුනා. මොකද රෑට බඩ පැලෙන්න බුරියානි කාපු මට ඒ කෑම එක ඇල්ලුවෙ නෑ මුලදි. ඒ කෑම වේලට බත් , රොටි එක්ක බටු හොදි වගේ නොයෙක් ජාති තිබුනා. කොහොම වුනත් ඒ කෑම වේලෙ නරකක් නම් තිබ්බෙ නෑ. හැබැයි මුලදි මට තවත් හිතට අල්ලපු නැති කාරණාවක් වුනේ කෑම කාපු ඉඳුල් පිඟානෙම අතුරු පස දාගෙන කාපු එක. සව් වගේ දේවල් කෑම පිඟානෙම දාගෙන අතින් කන එක ටිකක් අමුතු වුනත් අර රොමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන නිසා මම ඒකත් කරලා බැලුවා.

කොහොම හරි ඉන්දියන් ගමන නිමා කරලා ආපහු හයිද්‍රාබාදයෙන් එන කොට ටිකක් දුකත් හිතුනා. ඒ අස්සෙ හයිද්‍රාබාදයෙ තිබුන ලංකාවෙ කවදාවත් දැකල තිබුනෙ නැති තරම් විසාල සාප්පු සංකීරණ , සාරි කඩ අස්සෙ කරක් ගැහුවට ඒ එකක් වත් සටහන් කර ගන්න කැමරාවක් නොගෙනිපු එක ගැන නම් අපරාදෙ කියලා හිතුනා. විශේෂයෙන්ම එහෙ තිබ්බ සාප්පු සංකීර්ණ තරම් විශාල ඒවා මම ලංකාවෙදි දැකල තිබුනෙ නෑ.

හයිද්‍රාබාදයෙ ඉඳල චෙන්නායි නුවරට එන කොට ගුවන් යානයෙ එනකොට තමයි තවත් අපුරු දර්ශනයක් දැක්කෙ. ඒ තමයි එක ලඟ ක්‍රීඩාංගන තුනක එකම වෙලාවෙ ක්‍රිකට් තරඟ තුනක් පැවැත් වෙවින් තිබුනු එක. උඩ ඉඳන් කැමරාවට සටහන් කර ගන්න මං දැකපු අපූරුම දර්ශනයක් තමයි ඒක. එතනින් එහාට ඉතින් ගමනෙ ඉතුරු හරිය සාමාන්‍ය විදිහට ඉවර වුනා.

එහෙම නම් ඉතින් මගේ සටහනෙ ඉන්දීය ගමන් විස්තර මේ ලිපියෙන් අවසන් කරනවා. පුලුවන් ඉක්මනින් නැවත හමුවෙමු.

Advertisement
Leave a comment

7 Comments

  1. good to see ur post after loooooooong time. keep up writing.. good one..

  2. මේ බ්ලොග් එකට ද තමයි මුලින්ම ආවේ.. චාරිකා සටහන් කියවන්න ගොඩක් කැමති කෙනෙක් මම . මම දන්න ඉන්දියාවේ ගිහින් ආපු අයගෙන් ඉන්දියාවෙ ගිහින් ආවට පස්සේ ඒ කැම ගැන වර්නනා නොකලෙ එකම් එක්කෙනයි

  3. Dimu

     /  June 19, 2011

    ආයෙත් කලින් විදියටම ලියන්න පටන් ගන්න

  4. sohan

     /  June 23, 2011

    රෙස්ලින් බලන්න කෑමෑතිනම් එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com

  5. ඉස්සර වගේම තවමත් උඹේ රචනා ශෛලිය ලස්සනයි…
    උඩින් දාල තියන විස්තර අනුව මට නම් තෙරෙන්නේ චෙන්නායි සහ හයිද්‍රාබාද් අතර වැඩි වෙනසක් නැ කියලයි…
    හැබැයි මාර්ග ආලොක පුවරුනම් තිබුනා… වැඩිපුර ඒව පිලිපැද්දේ නැති උනාට..

  6. winchat kirilli

     /  February 17, 2012

    ඔයාගෙ කොමෙන්ට් එක නිසා මේ පැත්ත බලන්න ආවෙ..මාත් ගොඩාක් ආසයි ඉන්දියාවෙ,තව ආසියාවෙ රටවල චාරිකා විස්තර දැන ගන්න..මම ඉන්නෙ බටහිර.මෙහෙ රටවල් ගනනාවක ඇවිදල තිබ්බට ඔය පැත්තෙන් දන්නෙ ලංකාව ගැන විතරයි….:)

  7. මම ආපු පලවෙනි දවස.මම ඉන්දියාවට මාර කැමති ඒත් හේතුව මොකක්ද කියල දන්නේ නැහැ.දිල්ලි එයාර් පොර්ට් එකේ හිටපු පැය3 ට අමුතු හැඟීමක් දැනුනා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.