යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර්

කාලයක් තිස්සෙ නොලියවුනු “මගේ සටහන” ආයෙ ලියන්න පටන් අරගෙන දැන් සති දෙකක් වෙනවා. එතනින් මුල්ම සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණට ඡන්ද කලබල අස්සෙ හින්ඳ මන්දා ගිය සතියෙ සටහනට ඒ තරම් ප්‍රතිචාර ලැබිලා තිබුනෙ නෑ. ඒ “මගේ සටහන” කම්මැලි හින්ද දෝ කියලත් හිතුනා. කොහොම වුනත් මගේ ගමන් චාරිකාව ගැන විස්තර තව කියන්නත් එක්කම මේ සතියෙ “මගේ සටහන” හතලිස් හය වෙනි දිග හැරීම මෙතැන් සිට ආරම්භ කරනවා.

මදැරාසියෙන් හේවත් නූතන චෙන්නායි නගරෙට මම ගොඩ බැස්සෙ පාන්දර හතරහ මාරට විතර කියල කිව්වනෙ. ඒ ගුවන් තොටුපලට කියන්නෙ අන්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල කියල. කොහොම හරි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වැඩ කටයුතු ටික ඉවර කරගෙන දේශීය ගුවන් තොටුපලට සේන්දු වුනා. මම හිතාගෙන හිටියෙ හදිස්සියෙ හරි බස් එකකින් එහෙම යන්න වෙයිද කියල. ඒ වුනාට මගේ සැනසීමට පයින් ඇවිද ගෙන යන දුරින් ගුවන් තොටුපල තිබ්බ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ. මේ කතාව ලියා ගෙන යන අතර තුරේ සුපුරුදු පරිදි තවත් අතුරු කතන්දරයක් මතක් වුනා. කොහොමටත් “මගේ සටහන” ඇතුලෙ එක එක තැනින් පැනපු අතුරු කතන්දර තියෙනවා. ඒක නිසා පාඨකයන්ට වුනත් දැන් ඒ තරම් නුහුරු ගතියක් නැතිව ඇති කියල හිතනවා කියාගෙම යන දේ මැදට කොහෙන් හරි වෙන කතන්දරයක් පාත් වුනාහම.

මම මේ කියන්න යන දේ ඇත්තටම කතන්දරයක් මත් නෙවෙයි. එක්එරා විදිහක ඉන්දියානුවන්ගෙ හැසිරීම් රටාව ගැන විස්තරයක්. ඔය ඉන්දියානුවන්ගෙ භාෂා උච්චාරණ විලාසය බොහොම වෙනස්. මොකද ලංකාවෙ උදවිය කතා කරනවාට වඩා අමුතුයි. මේ ගැන සමහර විහිලු කතා පවා තියෙනවා. ඉන්දියානුවො ඉංග්‍රීසි කතා කරන කොට ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි “r” අකුර ඇදලා කියන එක. ඒ කියන්න්නේ “යාර්ර්ර්ර” වගේ දේවල්. අපිට විශ්ව විද්‍යාලෙදි දේශනයකට ආපු ආචාර්ය වරයෙක් කිව්වා හරි අපූරු කතාවක්. ඇත්තටම ඒ කතාව කියවල බලනවට වඩා අහන්න තිබුනා නම් තමයි හොඳ.

ඔන්න ඔය දේශක තුමා පොඩි කාලෙ එයාගෙ ගෙදරට ආවලු ඉන්දියානු ජාතිකයෙක් , පායාව මුණ ගැහෙන්න. මේ මනුස්සයා ගේ ඇතුලටම ඇවිත්. ඒ පාර තාත්තා ඇහුවලු අමුත්තා ගෙන් “How did you came in?” . ඒ කියන්නෙ කොහොමද ඔබ ඇතුලට ආවෙ කියල. ඒ පාර අර ඉන්දියානුවා උත්තර දුන්නලු මෙන්න මෙහෙම. ” යුවර්ර්ර් ඩ්‍රයිවර්ර්ර්ර් ඕපන් ද ඩෝර්ර්ර් ෆොර්ර්ර් මී” කියල. “yourrrrrrrr driverrrrrrrr open the dooorrrrrr forrrrrrrrr me” . ඔය කතාව මම කියන හැම තැනකදිම අපේ මිත්‍රයො හිනා වෙනවා. කතාව මම කිව්වෙ ඉන්දියානුවන්ට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි. මොකද ඒ උච්චාරණ රටාව ඒ අයටම ආවේණීක දෙයක් නිසා.

ආයෙ ඉතින් මගෙ කතාවට ආයෙ එන්නයි සූදානම. දේශීය ගුවන් තොටුපලට ආවයි කියමුකො. චෙන්නායි ඉඳලා හයිද්‍රාබාදයට යන ගුවන් යානය තිබුනෙ උදේ අටහ මාරට හරි නමයට විතර. ඒ අතර තුර පැය හතරක් විතර මට දේශීය ගුවන් තොටුපලේ රැඳිලා ඉන්න තිබුනෙ. ඔන්න එතන මාර කලබලයක්. ජාත්‍යන්තර ගුවන් තොටුපලටත් වඩා එතන කලබලේ වැඩී. සමහර අය පුටු වල දිගෑදිලා පත්තර බලනවා. තවත් සමහර අය නිදි. මේ කිසිම කෙනෙක් අතර ලංකාවෙ කෙනෙක් බෙහෙතකටවත් හිටියෙ නෑ. ඒක නිසා මගේ හිතේ පාලුව තවත් වැඩි වුනා ඒ වෙලාවෙ.

කලින් දවසෙ රෑ ඉඳලම ඇහැරගෙන හිටපු නිසා ඒ වෙනකොටත් මම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. අලි මදිවට හරක් කිව්වා වගේ පාන්දර ජාමේ නිසා මට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුනා. ඒකත් සුලු දිය පහ කිරීමේ අවශ්‍යතාවයක් නෙවෙයි. බරපතල අවශ්‍යතාවයක්. ඔය වෙලාවෙ තමයි මම බරපතල ප්‍රශ්නෙකට මැදි වුනේ. මොකද මගෙ ගමන් මලු ප්‍රශ්නෙ නිසා. ඒක වුනේ මෙහෙමයි.

මේ ගමනට මම අරගෙන ගියේ එක ගමන් මල්ලයි. ඒක විශාල ගමන් මල්ලක්. ඒ ගමන් මල්ලට තමයි මගේ ගමනට අවශ්‍ය ඇඳුම් පැලදුම් ආදී ජාති ටික අහුර ගෙන තිබුනෙ. කොහොමටත් අවශ්‍යයම දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් උස්සගෙන යන්නෙ නෑ කියල මම තීරණය කරල තිබුනෙ. ඉතින් ඔය ගමන් මල්ල ඇත්තටම සූට් කේස් එකක්. අර අතින් ඇදගෙන යන්න පුලුවන් විදිහෙ. ඉතින් මම ගමන යන්න කලින් ඉන්දියාවෙ පොදු ප්‍රවාහන සේවා වල ඉන්න හොර හතුරො ගැන ගොඩක් අය මට උපදෙස් දීලා තිබුනෙ. ඒක නිසා මේ සූට් කේස් එකට ඉබි යතුරු දාගෙන හිටියෙ වැඩි ආරක්ෂාවට. :) මේ සූට් කේස් එකට අමතරව මගෙ පරිගණකයත් අරගෙන තමයි ගියෙ. එතකොට ඔක්කොම බෑග් දෙකයි.

ඉතින් දැන් ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න හැටි කල්පනා කරන කොට තමයි ගමන් මලු බල පරශ්නෙ ඔලුවට ආවෙ. මොකද ගමන් මලු කොහවත් තනියම තියන්න එපා කියල උපදෙස් ලැබිලා තිබුනෙ. ඒක නිසා මුකුත් කරන්නත් බෑ. වැසිකිලිය ඇතුලට ගමන් මලු උස්සගෙන යන්නත් බෑ. කොහොමටත් උදේ පාන්දර රේගු නිලධාරියගෙ වැඩෙන් පස්සෙ ගමන් මලු ටික පොඩ්ඩකට හරි තියල වැසිකිලි යන එකත් හිතට හරි නෑ වගේ දැනුනෙ. මමම කල්පනා කරා මොකද කරන්නෙ කියල. තව කෙනෙක් ගෙන් පොඩ්ඩකට බෑග් බලා ගන්න කියල ඉල්ලීමක් කරන්නත් හිතුනා. ඒ වුනාට එතන හිටපු අයගෙ මූණු දිහා බැලුවම ඒ වගේ ඉල්ලීමක් කරන්න තරම් හිතෙන කෙනෙක් හිටියෙත් නෑ.

අන්තිමේදි මම තීරණය කලා ඉවසගෙන ඉන්නවා කියල. කණේ අමාරුව හැදිලා මුල්ම ගුවන් ගමන එපා වෙලා හිටපු මට ඒ වෙනඛඔට නම් ආයෙ ගෙදර දුවන්න හිතුනා. :) කරන්න දෙයක් නැතිම තැන මම පොඩ්ඩක් නිදා ගන්න බලපු එක. ඒ වුනාට ඒක හරි ගියෙත් නෑ. මොකද මගෙ ගමන් මලු ගැන එන්න කලින්ම දීපු උපදෙස් මතක් වීම නිසා විනාඩියෙන් විනාඩියට ඇහැරල බලනවා ඔක්කොම හරියට තියෙනවද කියල. :) ඒකත් හරියට මානසික ලෙඩක් වගේ. මගෙ දිහා කවුරු හරි බලාගෙන හිටියනම් මොනව හරි හිතන්න තිබුනා.

අන්තිමේදී නිදා ගන්න වැඩේ හරි ගියෙ නැති නිසා මට හිතුනා ගුවන් යානයට අදාල නැව් නැගීමේ පත්‍රය හෙවත් බෝඩිං පාස් එක අරගෙන ඇතුලට ගියා නම් හොඳයි කියල . ඔන්න ඒ පාර ම ගියා අදාල ගුවන් යානා කාර්ය මණ්ඩලය ලඟට. ඒ පාර ඒ අය කියපි මම මොකද්ද ආරක්ෂක පරීක්ෂාවක් කරගෙන නැතිලු. මොකද්ද ආරක්ෂක පරික්ෂාවක් කරගෙන ගමන් මලු වල මොකද්ද සහතික කිරීමේ ස්ටිකරයක් අලවගෙන එන්නලු. මම වටපිට බලනකොට ඇත්තටම තියෙනවා එහෙම එකක්. මම ඒක හරහා නෙවෙයි ඇවිල්ලා තියෙන්නෙ.

ඉන්දියාවෙ ගුවන් තොටුපල වලයි , ලංකාවෙ ගුවන් තොටුපල වලයි අතර ම දැක්ක විශේෂ වෙනස් කමක් තමයි ඒක. කටුනායක ගුවන් තොටුපලේ නම් ඇතුල් වෙන කොට අපේ ගම් මලු පරීක්ෂා කරනවා විතරයි. ඒ වුනාට ඉන්දියාවෙදි ගමන් මල්ලෙ ස්ටිකරයක් අලවනවා ඇතුල් වෙන තැනදි. ඊට පස්සෙ ගුවන් යානයට අදාල ප්‍රවේශ පත්‍රය ගන්න ගියහම ඒ කාර්ය මණ්ඩලය අපිට දෙනවා ටැග් පත්. ඒ ටැග් පත් අපේ ගමන් මලුවල ගැට ගහ ගන්න ඕන. ඊට පස්සෙ ගුවන් යානයට නගින්න කලින් ආයෙ ආරක්ෂක නිලධාරීන් පරීක්ෂා කරල අර ටැග් වල සීල් එකක් ගහනවා. ඒ සීල් එක තියෙනවනම් තමයි ගුවන් යානයට නගින්න අවසර ලැබෙන්නෙ.

ඉතින් මම මගේ අවසර පත්‍ර ටික අරගෙන ඇතුලට ගියා. එහෙමනම් ඉතින් ගමනෙ ඉතුරු විස්තර ටික තවත් “මගේ සටහන” කින් කියන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. නැවත හමුවෙමු.

Leave a comment

5 Comments

  1. ඕකනම් එපා වෙන වැඩක් තමයි. :P plane එකට නැග්ගත් ඉතින් වතුර නැහැනෙ. මොකද ඉතින් කරගත්තෙ වැඩේට?
    මට අපේ එකෙක් කිව්ව කතාවක් මතක් වුනා මේක කියවද්දි. කාටහරි ඔයවැඩේ කරන්න දෙන්නෙ නැතුව තියාගත්තනම් උගෙන් ඕනෙ දෙයක් ලියාගන්න පුළුවන් කියලා… :D

  2. දිමුතු

     /  February 1, 2010

    ගියපාර comment නොදැම්මට හැමදාම කියවනව. ඒක හින්ද comment ගැන නොහිතා දිගටම ලියන්න.

    comment නැති උනාට counter එකෙන් ඔයාට බලාගන්න පුලුවන් කොච්චර ඇවිත් තියනවද කියල.

  3. නිදහස් අදහස්

     /  February 2, 2010

    indika- ස්තූතියි මචං, එපා වුනා බං හිර කර ගෙන ඉඳලා

    දිමුතු – ස්තූතියි. මට සැක හිතුනා ගතිය නැති වෙලා කියල

  4. Apith hemadama kiyawanawa comment demme nethi unata. Digatama liyanna. :)

  5. Dilshi

     /  February 8, 2010

    sorry for getting late to read.. Interesting as always.. Good one.. :)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.