නිදහස් අදහස්

November 16, 2008

සිංහල මිනි බ්ලොග් මැරතන්

Filed under: Genaral — නිදහස් අදහස් @ 1:12 pm

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය ඉදිරිපත් කරන සමාරම්භක පොදු කටයුත්ත තමයි සිංහල මිනි බ්ලොග් මැරතන් දිනය. මෙයට ආරම්භක ආවේශය ලැබුණේ ජාත්‍යන්තරව පවත්වන බ්ලොගතන් ඉසවුවෙන්. නමුත් සුළු සුළු වෙනස්කම් කීපයක් සහිත ව ශ්‍රී ලංකාවේ සිංහලෙන් බ්ලොග්කරණයේ යෙදෙන සහ යෙදෙන්න අපේක්ෂා කරන අයගේ සහභාගීත්වයට ගැලපෙන පරිදි සකසා ගත් මැරතන් ලිවීමේ ඉසව්වක් තමයි මේ.

දෙසැම්බර් මාසේ 27 වැනි සෙනසුරාදා රාත්‍රී 6 ට පැවැත්වේ.

මොකක්ද මේ සිංහල මිනි බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය හයක කාලයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්.

කොහොමද මම එකතු වෙන්නෙ?

පළමුවෙන් ඔබට බ්ලොග් එකක් තිබිය යුතුයි. බ්ලොග් අඩෙවියක් ඇරඹීම ඉතා සරල කටයුත්තක්. උපදෙස් අවශ්‍ය නම් මේ පිටුව බලන්න.

මට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ද?

බෑ. මේ අවස්ථාවේ පළ වෙන සටහන් සිංහල බසින් වීම අත්‍යවශ්‍ය යි.

තේමාවක් තියෙනවද?

නෑ. ඔබ ලියන්නේ ඉතා කෙටි සටහනක්, කවියක්, වැකි කීපයක්, සජීවී පුවත් විචාරයක්, නැතහොත් නන්දෙඩවිල්ලක් විය හැකියි. මහා දිග ලිපියක්, ශාස්ත්‍රීය ලේඛනයක්, විචාරයක් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ බ්ලොග් සටහන් පළ කිරීම මගින් අඛණ්ඩ ව පැය හයක් පුරා සහභාගී වීම යි.

මට සිංහලෙන් පරිගණකයේ ලියන්න සකස් කරගන්නෙ කොහොමද?

මෙන්න මේ උපදෙස් අනුව ඔබේ පරිගණකයට ගැලපෙන සිංහල පැකේජය ස්ථාපනය කරගන්න. ගැටලු මතු වෙනවා නම් #sinhala-bloggers යන ස්ථානයේ පිහිටි IRC පිළිසඳර කුටියට (chat room) පිවිස අපේ සාමාජිකයින්ගෙන් උදව් ලබා ගන්න. එසේ නැති නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් උදව් ගන්න.

ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?

* බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.
* කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
(awareness) පුලුල් කිරීමට දවසක්.
* සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

එහෙනන් මැරතන් එක දුවන්න ලෑස්තිවෙමු!

3 Comments »

  1. මම හිතන්නේ සබැඳුම්(links) ටික නෑ. පොඩ්ඩක් බලන්න…

    කලිනුත් ඔය වගේ එකක ගියා නේද? එතකොට මම හිටියේ නෑ.. මේ සැරේ එන්නම්…

    Comment by චමිල — November 16, 2008 @ 10:12 pm

  2. මමත් කැමතියි සහභාගි වෙන්න. වෙලාව තමයි ප්‍රශ්නෙ. මම ඉන්න්නෙ ලංකාවට වැඩිය පැය 7.5 ක් ඉස්සරහින්. එතකොට ඔයගොල්ලන්ට හවස 6 වෙනකොට මට උදේ පාන්දර 1.30යි. මමයි, මහසෝනයි, රීරි යකයි විතරයි.

    ඔයගොල්ලන්ට ටිකක් රෑ වෙනකොට මට උදේ පාන්දර. හතරට විතර නැගිටින්න අමාරු නැහැ. එහෙම හොඳ නම් මටත් පුලුවන් සහභාගි වෙන්න.

    Comment by Sarath Gunatunga — November 17, 2008 @ 3:03 am

  3. චමිල – අනිවාර්යයෙන්ම එන්න. ලින්ක් ටික නම් මිසින්. කලබලේට ලිව්වෙ
    සරත් – ආ උත්සහ කරන්න . පැය හයනෙ

    Comment by නිදහස් අදහස් — November 17, 2008 @ 8:43 pm


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.