නිදහස් අදහස්

March 28, 2008

අලුත් අවුරුදු බ්ලොග් මැරතන්

Filed under: Genaral — නිදහස් අදහස් @ 6:36 am

සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය ඉදිරිපත් කරන සමාරම්භක පොදු කටයුත්ත තමයි බ්ලොග් මැරතන් දිනය. මෙයට ආරම්භක ආවේශය ලැබුණේ ජාත්‍යන්තරව පවත්වන බ්ලොගතන් ඉසවුවෙන්. නමුත් සුළු සුළු වෙනස්කම් කීපයක් සහිත ව ශ්‍රී ලංකාවේ සිංහලෙන් බ්ලොග්කරණයේ යෙදෙන සහ යෙදෙන්න අපේක්ෂා කරන අයගේ සහභාගීත්වයට ගැලපෙන පරිදි සකසා ගත් මැරතන් ලිවීමේ දිනයක් තමයි මේ.

අප්‍රේල් මාසේ 18 වැනි සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වෙන මෙය අප්‍රෙල් මාසයේ පැවැත්වෙන නිසා “අලුත් අවුරුදු බ්ලොග් මැරතන” යනුවෙන් හඳුන්වා ඇත.

මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්.

කොහොමද මම එකතු වෙන්නෙ?

පළමුවෙන් ඔබට බ්ලොග් එකක් තිබිය යුතුයි. බ්ලොග් අඩෙවියක් ඇරඹීම ඉතා සරල කටයුත්තක්. උපදෙස් අවශ්‍ය නම් මේ පිටුව බලන්න.

මට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ද?

බෑ. මේ අවස්ථාවේ පළ වෙන සටහන් සිංහල බසින් වීම අත්‍යවශ්‍ය යි.

තේමාවක් තියෙනවද?

නෑ. ඔබ ලියන්නේ ඉතා කෙටි සටහනක්, කවියක්, වැකි කීපයක්, සජීවී පුවත් විචාරයක්, නැතහොත් නන්දෙඩවිල්ලක් විය හැකියි. මහා දිග ලිපියක්, ශාස්ත්‍රීය ලේඛනයක්, විචාරයක් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ බ්ලොග් සටහන් පළ කිරීම මගින් අඛණ්ඩ ව පැය විසි හතර පුරා සහභාගී වීම යි.

මට සිංහලෙන් පරිගණකයේ ලියන්න සකස් කරගන්නෙ කොහොමද?

මෙන්න මේ උපදෙස් අනුව ඔබේ පරිගණකයට ගැලපෙන සිංහල පැකේජය ස්ථාපනය කරගන්න. ගැටලු මතු වෙනවා නම් #sinhala-bloggers යන ස්ථානයේ පිහිටි IRC පිළිසඳර කුටියට (chat room) පිවිස අපේ සාමාජිකයින්ගෙන් උදව් ලබා ගන්න. එසේ නැති නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් උදව් ගන්න.

ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?

  • බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.
  • කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
    (awareness) පුලුල් කිරීමට දවසක්.
  • සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

එහෙනන් මැරතන් එක දුවන්න ලෑස්තිවෙමු! )

7 Comments »

  1. දුවමු දුවමු! :D

    Comment by Malinthe — March 28, 2008 @ 7:41 am

  2. දුවමු දුවමු හති වැටුනම නවතිමු :)

    Comment by pal — March 28, 2008 @ 8:58 am

  3. මම සහය දිවිමකට එනවා ! ඒ කියන්නේ රිලේ එකක් :)

    Comment by su — March 28, 2008 @ 9:16 am

  4. ආ නියමයි! දුවමු දුවමු :D

    Comment by Anandawardhana — March 28, 2008 @ 10:30 am

  5. දුවන අයට වතුර ගහන්නත් ඕනනෙ. මම ඒකට එන්නම් :)

    Comment by Buddhika — March 28, 2008 @ 1:18 pm

  6. කටිට්ය දුවන කොට මම බයිසිකලේ එන්නං :P

    Comment by Chamara Peiris — March 29, 2008 @ 8:59 am

  7. මගේ අහස – ලංකාවට සිංහලෙන්

    එහෙනන් මැරතන් එක දුවන්න ලෑස්තිවෙමු!

    Comment by Chanaka De Silva — March 30, 2008 @ 8:05 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.