නිදහස් අදහස්

November 19, 2007

මේ දවස් වල

Filed under: මගේ සටහන — නිදහස් අදහස් @ 2:52 am

“මගේ සටහන” ලිපි මාලාවට ලියන පලමු ලිපිය නමෝ විත්තියෙන්පටන් ගත්තා එහෙනම්. පලමු ලිපිය ලියන්න හිතාගෙන හිටියෙ පාසල් යන කාලෙ සිදුවීම් කිහිපයකින්. නමුත් පස්සෙ හිතුනා මේ දවස් වල මගේ දින චරියාව ගැන මුල්ම ලිපිය ලියන්න. එතකොට කියවන අයටත් වටපිටාව ගැන අවබෝධයක් ලැබෙයි කියලා හිතුනා.

මේ දවස් වල අපි කැම්පස් යන්නෙ නෑ. කිසි ආරවුලක් හින්දා නෙමෙයි. අපිට “ආයතනික පුහුණුව” පටන් ගත්තනෙ. සරල භාෂාවෙන් කියනවනම් “Industrial Training”. මේක සති 24ක වැඩක්. හැබැයි දැනටමත්සති 4 ක් ගිහිල්ලා ඉවරයි. කලින් කියන්න බැරි වුනා. මම ඉගෙන ගන්නෙ තොරතුරු තාක්ෂණය. ඉතින් හැමදාම උදේට ඇදුම් හොඳට මැදලා, සපත්තු ඔප දාලා , අම්මා දෙන බත් මුල් දෙකත් අරගෙන එනවා ගෙදරින්. කිසි කරදරයක් නැතුව රාගමින් උදේට දුම්රියට ගොඩවෙලා මරදානෙන් බහින කොට හරි සනීපයි. මොකද මැදලා ඇඳගෙන ආපු ඇදුම් පොඩිවෙලා, සපත්තු අනිත් උදවිය පාගලා අමුතු ලස්සනක් තියෙන්නෙ. ලංකාවෙ ගමනා ගමන සේවයෙ තියන සැප පහසුව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑනෙ. මරදානෙන් 120 බස් එකේ තමා එන්නෙ. ඔය එද්දි නොවරදාම ටවුන් හෝල් එකේ 125 බස් නැවතුම දිහා ඉබේම වගේ බැලෙනවා. මොකද අහම්බෙන් හරි මගේ ආදරවන්තියගෙ මූණ දකින්න ලැබෙයිද කියලා.

“සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා” කියලා ඔය තියෙන්නෙ සින්දුවක්. ආදරවන්තිය කියලා කිව්වට එහෙමම නෑ. ඒක පාර්ශවික ආදරයක්. මං එයාට ලව්. එයාගෙන් නෑ කිසිම අනුබලයක්. ඔහොම තමා ජීවිතේ හැටි. “දුකම මොන තරම් සතුටක්දො” කියලා ඔය තව තියෙන්නෙ සින්දුවක් තව. මම වැඩ කරන ආයතනය තියෙන්නෙ තුම්මුල්ල හරියට වෙන්න. හැමදාම ඉතින් කොළඹ කැම්පස් එක ගාව හෝල්ට් එකෙන් බැහැලා යන්න තියෙන්න ඉතිරි දුර. ඒ යන ටිකටත් 125 බස් යනවා පේනවා. ආයෙත් ඉතින් බෙල්ල හැරවෙනවා. එවෙලෙට හිතෙනවා “කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදො” කියලා. ඇවිදගෙන යන ටිකට දකින උදේට දේශන වලට යන මානවිකාවෝ නෙතට රසඳුනක්ම තමා. මොකටද හංගන්නෙ. ඔන්න ඉතින් උදේ අට විතර වෙද්දි යනවා. දවසම ඉතින් පරිගණකය ඉස්සරහ තමයි. වැඩ තියෙන නිසා දවස ගෙවිලා යනවා තේරෙන්නෙ නෑ. මේ දවස් වල ඉඩක් ලැබුන ගමන් කරන්නෙ අනිත් උදවියගෙ බ්ලොග් අඩවි කියවන එක. ඒක බොහොම ආශ්වාදජනක කටයුත්තක්. මුලින් කිව්වා වගේ සිංහල බ්ලොග් අඩවියක් ලියන්න ආසාව ඇතිවුනේ ඒක නිසා.

අපේ බැචාලා ඉන්නෙ එක එක ආයතන වලනෙ. ඒක හින්දම කට්ටියට සෙට් වෙන්න අමාරුයි ඉස්සර වගේ. ඔන් ලයින් ඉන්න හැමෝම අහන්නෙ කවද්ද සෙට් වෙන්නෙ කියලා. හැබැයි ඉතින් ඉස්සර අපි නැතුව සෙට් වෙන්න බෑ කියපු උදවිය දැන් අපිටත් හොරෙන්ම වැඩ. ඒ උදවිය හම්බ වෙනකම් ඉන්නෙ හොඳට දෙහි කපන්න. එක අතකට ජීවිතේ හරිම ඒකාකාරියි මේ දවස්වල. ගෙදර එන්නෙ හෙම්බත් වෙලා. ගෙදර ගිය හැටියම කාලා නිදා ගන්න එක තමයි කරන්නෙ. අඩුමගානෙ මගෙ ඩයරිය වත් ලියන්න වෙලාවක් නෑ. ලියන්න තියෙන ආසාව නිසා රෑ නිදි මරාගෙන හරි ලියනවා දැන්. පස්සෙ ලිපි වලින් වෙනත් දේවල් ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ. මුලින්ම පොරොන්දු වුනානෙ පෞද්ගලික ජිවිතේ ඛේදවාචක ලියන්න නෑ කියලා. කැම්පස් නොයන කාලෙට ආස හිතෙනවා ගිහිල්ලා බලන්න මොකද වෙන්නෙ කියලා. හැබැයි ලෙක්චර්ස් තියෙන කොට පැත්ත පළාතෙ යන්න හිතෙන්නෙ නෑ. මීට වඩා දිග ලිපියක් ඊළඟ පාර ලියනවා. එහෙමනම් ඉතින් පාතේගම ඥාණිස්සර හාමුදුරුවො ලියපු ගීයක පද වැලකින් පලවන ලිපිය හමාර කරනවා.
“එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ”.

5 Comments »

  1. Cool.. Its very nice.. Keep up writing..

    Comment by Dilshi — November 19, 2007 @ 4:12 am

  2. nice machan thava liyapan . Hebai api gena ehama
    liyanawa newey. What about ur girl at the ragama station:

    Im listning.

    deco

    Comment by deco — November 20, 2007 @ 6:37 am

  3. Dear nidahas adahas
    oyage glog eke tiyana lipi mama hamadama kiyawanawa. ewa hodai thawa akuru sis eka wadi karanna.

    hodata liyanna

    Comment by dhanushka roshan — December 29, 2007 @ 4:52 am

  4. මම නිදහස් අදහස් වල ආරම්භයෙ ඉදලාම පඨකයෙක්..නිදහස් අදහස් වල තියෙන ස්වාධිනත්වය තමා මන් ගොඩක්ම අගය කරන්නෙ.. එ‌වගේම, සංස්කරණය නොකරම ලියනවනම් තමා ගොඩාක්ම හොද..

    Comment by Erandi — February 15, 2008 @ 3:45 am

  5. ඒකාකාරි ජීවිතයෙ කාන්සිය මකන්නට මුමණන පදවැල් මේ ලිපියට යොදාගෙන තියෙන බවක් හැ‍ඟෙනවා. අවන්කව හිතේ පවතින අදහස් ගොන්න දිගහැර තිබීමෙන් සිතටත් සැහැල්ලුවක් දැනෙනව ඇති. කියවන්නට රසවත් අයුරින් සිය අත්දැකීම් ලියලා තියන එකනම් ඉතාම වටිනවා.

    Comment by malinga — May 7, 2008 @ 11:05 am


RSS feed for comments on this post. TrackBack URI

Leave a comment

Blog at WordPress.com.