ඔන්න ඉතින් සිංහලෙන් වෙබ් අඩවිය ලියන්න මගෙ සුදානම. සිංහල අකුරු ටයිප් කරන එක මුලදී කම්මැලි වැඩක්. මොනවා වුනත් හුරු පුරුදු භාෂාවෙන් ලියන එක තරම් ආශ්වාදයක් නෑනෙ. ඇත්තටම විවේකයක් නැති කම බරපතල හේතුවක්. හැබැයි සිංහලෙන් ලියපු අනිත් බ්ලොග් අඩවි දැක්කම ආසාව වැඩිවුනා. මොන වගේ දෙයක්ද ලියන්නෙ කියන එක තමා අනිත් ගැටලුව. කාලෙක ඉඳන් තීරු ලිපියක් ලියන්න ඕනැකම තිබුනා. හැබැයි ඉතින් ඒක පළ කරන්න පත්තරයක් ගහන වැඩේ මටම කරන්න වෙනවා. ඒක නිසා නිදි මරාගෙන හරි ලියන්න තීරණය කලා මගෙම කියලා බ්ලොග් අඩවියක.
අන්තර්ගතය ගැන තමා ඊළඟ ගැටලුව. “මගේ සටහන” කියන්නෙ දින පොතක් නෙවෙයි. මොකද මගේ ඩයරියෙ ලියන ඒවා මෙතන ලිව්වොත් කියවන අය කියයි මහ අදෝනාවක් කියලා. කියන්න දෙයක් නෑ පටන් ගත්ත තැන ඉඳන් ඛේදවාචකයක්. ඒවා ඕනෙ නෑ ඒක නිසා. මගේ සටහන කියන්නෙ පාසල් යන කාලෙ, කැම්පස් එකේ සහ එදිනෙදා අත්දැකීම් ඇතුලු මට හිතෙන දේවල් ලියන්න හිතාගෙන ඉන්න වැඩක්. ඉතින් කියවන ඔයාලගෙ කාරිය තමයි අදහස්, යෝජනා සහ බැනලා එවන එක. එහෙනම් ඉතින් ඊළඟ ලිපියෙ ඉඳන් “මගේ සටහන” කියන්න ලෑස්ති වෙන්න.

Its nice friend.. Keep up writing…
Comment by Dilshi — November 16, 2007 @ 6:07 am
Well done machan ….keep it up…great work
Comment by haren — December 13, 2007 @ 5:13 am
mage blog eka hodada
Comment by dhanushka — January 7, 2008 @ 10:12 am
මාත් ඔන්න මේ අඩවියේ ඇති සියලු සටහන් කියවා බලන්නට සැරසෙන මොහොත. ටිකෙන් ටික කියවගෙන යමින් හදවතට දැනෙන අදහස් පවසන්නට හැකියාව ලැබෙයි කියල සිතනව. මේ අඩවිය මගේ නෙත ගැටෙන්නට සැලැස් වූ නම නොදන්නා සහෝදරියටත් බොහොමත් ම සතූතියි.
Comment by malinga — May 7, 2008 @ 10:49 am