සිංහල බ්ලොග් ලිවීමේ වැදගත් කම

පසුගිය දිනවල සිංහල බසින් බ්ලොග් ලිවිය යුතුද, එසේ ලිවීමේ ඇති වටිනාකම කුමක්ද යන්න ගැන සංවාදයට ලක්වෙමින් තිබෙනු දකින්නට ලැබුනා. එම නිසා අපිසැබවින්ම සිංහල බසින් බ්ලොග් ලිවීම තුල ඇති වැදගත්කම සොයා බැලිය යුතුය යන්න කල්පනා කලා.

පහුගිය දිනවල දකින්නට ලැබුනු අදහස් කීපයක් අපට මෙසේ දක්වන්න පුලුවන්.

1) සිංහල බසින් බ්ලොග් ලිවීමට අපහසු බව
2) සිංහල ස්ථාපනය කිරීමට ඉංග්‍රීසි බස දැන සිටිය යුතු බව
3) සිංහල බසින් ලියැවුන බ්ලොග් ප්‍රමාණය අල්ප බව

සිංහල බසින් ලිවීමට ආරම්භයේදි මදක් අපහසු බව පිලිගත හැකියි. නමුත් මදක්  උත්සහ කරන විට එය එතරම් අපහසු කාර්යයක් නොවන වග වැටහෙනවා. ඉංග්‍රීසි බසින් පරිගණකය හැසීරවීමට වුනත් මුලදී අපහසුයි. නුමුත් අප හට ටික දවසක් යන විට එය හුරු පුරුදු වනවා මෙන් සිංහල බසින් පරිගණක භාවිතයට හුරු වීම අපහසු කරුණක් නොවන බව මදක් විමසා බලන කොට පෙනී යනවා. විශේෂයෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශය මගින් ලබා දෙන සිංහල පැකේජය භාවිතා කිරීම ඉතා ලෙහෙසියි. සිංහල භාවිතය සඳහා අපට දැනට තිබෙන පහසුම ක්‍රමය එම පැකේජය ස්ථාපනය කර ගැනීම.

http://fonts.lk යන අඩවියට පිවිස එම පැකේජය ලබා ගත හැකියි. ඔබට තව දුරටත් ගැටලු තිබෙනවනම් අපගේ සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියට පිවිස හෝ මලින්ත සමරකෝන් අමතා වැඩි දුර උපකාර ලබා ගැනීමට පුලුවන්.

සිංහල බස ස්ථාපනය කිරීමට ඉංග්‍රීසි දැන සිටිය යුතු වන්න කලින් පරිගණක භාවිතයට අප හුරු විය යුතුයි. ඉදිරි අනාගතය තුල සිංහල බසින් පරිහණක මෙහෙයුම් පද්ධති පවා නිපදවේවි. එම නිසා ඉංග්‍රිසී දැන සිටීම සිංහල භාවිතා නොකර සිටීමට හේතුවක් කර ගත යුතු නෑ. අනිත් කාරණාව සිංහල බසින් ලියවුන බ්ලොග් ප්‍රමාණය අල්ප බව. මුල් කාල වලදී එය සත්‍යයක් වුවත් අද වන විට සිංහල බ්ලොග් කරුවන් රාශියක් ස්වකීය දක්ෂතා විදහා දක්වනවා. එම නිසා එම කාරණාව වර්තමාන යුගයේදි සත්‍යයක් නොවෙයි. අපි මදක් විමසිලිමත් වුවහොත් තාක්ෂණික, දේශපාලන, සමාජීය කරුණු හා තමන්ගේ ජීවන අත්දැකීම් අරභයා ලියවුන බ්ලොග් අඩවි සිංහල බසින් ලියැවෙනවා. මීට අමතරව සිංහල බසින් ලියැවෙන නවකතා පවා අන්තර්ජාලය තුල මුදා හැරෙනවා.

සිංහල බසින් බ්ලොග් ලිවිය යුත්තේ ඇයිද යන්න අපි උදාහරණයකින්ම සලකා බලමු. හොරයිසන් ලංකා පදනමේ කතාව මදකට අරගෙන බලමු ඒ සඳහා. ඔවුන් අන්තර්ජාල පහසුකම් , පරිගණක සාමාන්‍ය ආකාරයෙන් ලැබෙන තුරු සිටියා නම් අද වනතුරුත් ඔවුන් ගැන ලෝකයා දැන ගන්නෙ නෑ. නමුත් නොබියව තාක්ෂණය භාවිත කල නිසා ඔවුන් විශාල ප්‍රගතියක් ලබා ගත්තා. සිංහල බස භාවිතයත් එවන් කරණාවක්. ලංකාවේ ප්‍රධානම ව්‍යහාර බස වන සිංහල බසින් බ්ලොග් කරණයේ යේදීම නිසා ඈත ගම් දනව් සිසාරා අන්තර්ජාලය භාවිතා කරන්නට පෙළඹවීමක් ඇති වෙනවා නිසැකයි. මන්ද යත් තමන්ගේ බසින් අන්තර්ජාලය තුල ඇති වෙබ් අඩවි දකින විට තාක්ෂණය කෙරෙහි ඇතිවන නුහුරු ගතිය මග හැරී යාමට මහත් පිටිවහලක් ලැබෙනවා.

පාසලක පරිගණක විද්‍යාගාරයක් ගනිමු. එහි පරිගණක වල සිංහල බස ස්ථාපනය කර තිබනවනම් ශිෂයන්ට සිංහල බසින් ලියැවුනු දේ කියවන්ට , දකින්නට අවස්ථාව තිබිය යුතුයි. එවිට අන්තර්ජාලය තුල සිංහලෙන් ලියවුනණු ලිපි දක්නට නොලැබුනහොත් සිංහල බසින් අන්තර්ජාලය තුල වැඩ කටයුතු කිරීමට ඇති ආශාව හීන වී යාමට පුලුවන්. එය එම නිසා සිංහල බසින් ලිවීමට අප හැකි තරම් උනන්දු වන අතර සෙසු අයට අවශ්‍යය ආධාර ලබා දීම අත්‍යවශ්‍යයි. එම නිසා හැකි තරම් සිංහල බසින් උනන්දු වන ලෙස නැවත කියන්නට කැමතියි.

Leave a comment

1 Comment

  1. ආපු ගමන් දිරිමත් කලාට බොහොම ස්තුතියි
    පුලුවන් තරමක් ලියන්ඩ හිතාගෙනයි ඉන්නෙ.
    වෙලාවක් තිබ්බොත් ඈවිත් බලල කරල ගුණ දොස් කියල යන්ඩ.
    ඔයාගෙ බ්ලොග් එක ගෑන මම ඉතින් අමුතුවෙන් කියන්ඩ
    ඕනෙ නෑනෙ. ඔයා එක හොඳටම කර ගෙන යනවා.
    තරිඳුගේ සඳගිර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.